නුරාධපුර සුචරිත ගමට පෙරේදා (14) පැමිණි විශාල උකුස්සකු කුඩා දරුවන් සිවුදෙනකු පැහැර ගැනීමට දැරූ උත්සාහයේදී තුවාල ලැබූ දරුවකුට රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර ගමවාසීන් එක්ව අල්ලාගත් උකුස්සා
අනුරාධපුර වනජීවී කාර්යාලයට බාරදී ඇත. මෙම සිද්ධියෙන් තුවාල ලැබුවේ සුචරිත ගම පදිංචි ඒ. දෙව්මිනි අමායා චන්ද්‍රසේකර නමැති හත් හැවිරිදි දැරියකි. ඇය සුළු තුවාල ලබා අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. මෙම
අඩි දෙක හමාරක් පමණ උසැති කටු විහිදූ විට අඩි පහක් පමණ

විසින් යුත් හොදින් වැඩුණු මෙම උකුස්සා පෙරේදා (13) අනුරාධපුර සුචරිකගමට පැමිණ ඇත.

 එම ග්‍රාමයේ උස ගල රැදී සිටි මෙම උකුස්සා නිවාස අසලට පැමිණ දරුවන් පැහැර ගැනිමට උත්සාහ කරද්දී ගම්වාසීන් මහත් කලබලයට පත්වී ඇත. ඒ පිළිබදව අදහස් දැක්වූ සුචරිත ගම පදිංචි අශෝකා මාලනී (60) මහත්මිය මෙසේ පැවසුවාය.

මගේ නිවස අසල පදිංචි චාන්දනී නංගිත් එයාගේ අවුරුද්දක් පමණ වයසැති දරුවන් පෙරේදා සවස නිවස ඉදිරියේ සිටියා. ඒ අසලට පැමිණි මේ උකුස්සා කුඩා දරුවා රැගෙන යාමට උත්සාහ කළා. ඒ වෙලාවේ චාන්දනි දරුවා රැගෙන නිවසේ කෘමරයට දිව ගියා. උකුස්සා ඒ අසල තිබුණු බෝනික්කෙකු රැගෙන ගහකට පියඹා ගියා. ඉන් පසු අද උදේ මේ උකුස්සා පාසල් යන දරුවකු පසුපස පන්නාගෙන යද්දී මෙය දුටු ගමේ කාන්තාවක් ඌට ඉදලින් පහර දුන්නා. ඉන් බේරුණු කුරුල්ලා වහලයක් උඩට නැග්ගා. ඒ අසල සිටි අමායා දැරිය රැගෙන

යාමටද උත්සාහ කළා. අපි බොහොම අමාරුවෙන් ඒ දරුවා බේරාගත්තා.

අපේ ගමේ ඉන්න තරුණයන් දෙතුන් දෙනෙකු එක්වී කුරුල්ලා අල්ලාය න්න උත්සාහ කළා. පැයකට ආසන්න කාලයක් දැරු උත්සාහයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න බැරිවුණා.
ඊට පස්සේ කඩෙන් මස් කැල්ලක් ගෙනන් එ්ට කන්න දී රෙදි කැබැල්ලක් උගේ ඇඟට දමා ඌ අල්ලාගෙන මකෞටිල්ලකට දැමිමා. පසුව වන ජීවී නිලධාරීන්ට බාරදුන්නා..
මේ සිද්ධිය පිළිබඳව වනජීවී දෙපාර්තකමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරි උපාලි ජයවර්ධන පැවැසුවේ මෙම පක්ෂියා සිළු බඹර උකුස්සකු බවය. මෙම උකුස්සන් හාවුන්, කුකුළන්ට වැනි සතුන් දඩයම් කරමින් ජීවත් වන බවද ඔහු කීය.

(තලාව උපුල් හේරත් )