වල් ඌරු මස් ආහාරයට ගැනීමෙන් විසවීම නිසා කුඩා දියණියක ඊයේ (01)දා ජීවිතක්ෂයට පත්ව ඇති බව දවුලගල පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ

වැලිගල්ල, කුරගල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරීයකි.
කුරගල ගම්මානයේ බොහෝ පිරිසක් පෙරේදා (31දා) රාත්‍රියේදී වල් ඌරුමස් ආහාරයට ගෙන ඇති බවත්, අදාළ දැරියද වල් ඌරුමස් ආහාරයට ගෙන ඇති අතර, රාත්‍රියේදී රෝගී වූ ඇය ඊයේ (O1දා) උදෑසන ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව සිදු කළ  පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
  මෘත දේහයේ මරණ පරීක්ෂණ කටයුතු  ගම්පොළ රෝහල් කොට්ඨාස හදිසි මරණ පක්ෂක නලින් ඒ. මැදිවල මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබූ අතර, පශ්චාත්  මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබිණි.
දැරියගේ මරණයට හේතුව එම ආහාරය විසවීම බවට සැක කෙරේ.