ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයන් පිරිසක් විසින් ආක්‍රමණය කොට ඔවුන්ගේ කෝවිලක් ඉදිකිරීමට පටන් ගෙන තිබේ. මීට දින දහයකට පමණ ඉහතදී
මේ ස්ථානයේ නිදන් හැරීමට දකුණේ සිට පැමිණි හතරදෙනකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර කෝවිල ඉදිකිරීමට පටන් ගෙන ඇති පිරිස කියා සිටින්නේ එම ස්ථානය තමන්ගේ ආගමට අයත් නිසා නිධානය බේරාගැනීමට කෝවිලක් ඉදිකරන බවයි.

නමුත් බොහෝ පිරිසක් කියා සිටින්නේ

ඔවුන්ගේ ආගම්වලට අයත් කෝවිල් හා දේවස්ථාන පිහිටි ඉඩම්වල නිදන් නොමැති බවයි. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් මීට වසර ගණනාවකට පෙර මේ ස්ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර එය තහවුරු කිරීමක්ද සිදුකොට තිබේ.යුද්ධය හේතුවෙන් එම පළාත්වලට පසුගිය කාලයේදී නිලධාරීන් නොයෑම නිසා එම බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනත් ආගම්වල අයිතියට පත්ව තිබේ. නෙඩුක්කේනි ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානයට වර්තමානයේදී සිදුවෙමින් පවතින්නේද එම ඉරණමමය.

-රසාදි චතුරංගි ගමගේ-