ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියාව ඇතුළු රටවල් 10ක් සඳහා නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේ ය. මේ අනුව

01 නොර්වේ රාජ්‍යයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය
02 රුසියාවේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා
03 බ්‍රසීලයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස එම්.එම්. ජෆීර් මහතා
04 කැනඩාවේ ශ්‍රී ලංකා නව

මහකොමසාරිස්වරයා ලෙස එම්.ඒ.කේ. ගිරිහාගම මහතා
05 පෝලන්තයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස සී.ඒ.එච්.එම්. විෙජ්රත්න මහතා
06 ස්වීඩනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ගනේගමආරච්චි මහතා
07 වියට්නාමයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ප්‍රේමවර්ධන මහත්මිය
08 දකුණු අප්‍රිකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස අනුරුද්ධ කුමාර මල්ලිමාරචිච මහතා
09 ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස ඔස්ටින් ප්‍රනාන්දු මහතා
10 පකිස්ථානයේ නව මහකොමසාරිස්වරයා ලෙස නූර්දීන් මොහොමඩ් ෂහීඩ් මහතා ද පත් කර තිබේ.

නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු අමතා ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රාජ්‍ය දූත ප්‍රධානින්ගේ ප්‍රධාන සහ පළමු වගකීම වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශයන්හි ප්‍රවර්ධනය කිරීම සහ තමන් සිටින රටවලින් උපරිම සහයෝගය මෙරටට ලබා ගැනිමට කටයුතු කිරීම බවයි.

සමාජ මධ්‍ය හා වෙනත් ඇතැම් මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට යම් යම් පිරිස් ක්‍රියාකරද්දී ශ්‍රී ලංකාව පිළිබද නිවැරදි ධනාත්මක ප්‍රතිරූපය පෙන්වීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.