අවුරුදු 31ක අවිවාහක තරුණියකට ශාන්තිකර්මයක් කිරීමට යැයි නිවසට ආ ගිය කපුවකු කාන්තාව නිවසේ තනිව සිටින මොහොතක ඇයට අතවර කර ඇති බව පොතුහැර පොලිසියෙන් වාර්තා වේ. අසනීපයෙන් පසුවූ
කාන්තාව කොපමණ ප්‍රතිකාර කළත් සුව නොවීම හේතුවෙන් පවුලේ අය ඇයට ශාන්තිකර්මයක් කරන්නට සුදානම් කර ඇත.  එම ශාන්තිකර්මය සඳහා කපුවෙක් සොයාගෙන නිවෙසට පැමිණ අවශ්‍ය ප්‍රතිකාර කරන අතර මොහු කාලයක් තිස්සේ නිතර නිතර මෙම නිවෙසට එන යන බව පැවසේ.


එවැනි දිනක තරුණිය තනිව නිවෙසේ සිටින විට පැමිණ ඇති සැකකරු තරුණියට පහරදී මරණ බවට තර්ජනය කර අතවර කර ඇති බවත් පසුව ඇය විසින් පොතුහැර පොලිසියට පැමිණිලි කිරීමේන් පසුව 51 හැවිරිදි දෙදරු පියකු වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්  සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ උප පොලිස් කේ ඩී.එම්. දිසානායක මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු විසින් තරුණිය නිවසේ තනිව සිටින  අවස්ථාවේ නිවසට පැමිණ පහරදී මරණ බවට තර්ජනය කර අතවර කර ඇති බවයි.  අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත්  පොල්ගහවෙල මහෙස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය ලබන 20 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග දී ඇති බවත් එදිනට සිද්ධිය  සම්බන්ධයෙන් වර්තාවක් ඉදිරිපත් කරන ලෙසටත් පොතුහැර පොලීසියට නියෝග කළේය.


-විජේසිංහ වැලිනක්ද-