https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNc_sTyseVwpw297Sb4JdITIZ48diJ4vio8rcEPc8yETUtSGZP0JRRbn74gP2plqn85LLZimcpaj46VjQcgdYiI_TTftTtPEeOnFFLqalRYge2Ma_GYFdYRjEopGPBBopQ4ReK-ynUdtl1/s1600/more5.gif
ම නැගණිය අතවර කර මරාදැමූවන් වරින්වර ඝාතනය කරමින් වරින්වර හිරගෙදරට යමින් පනිමින් අසාමාන්‍ය ‘සීරියල් කිලර්‘ කෙනෙකු ලෙස ප්‍රකටව සිටින බටගහගේ සුමතිපාල නොහොත් රංජිත් නොහොත් ‘හිතුමතේ ජීවිතේ‘ වසර 43 ක් හිරබත් කා හිටපු ජනපති සමයේ ජනපති සමාව ලැබූ අතර සිය රෝගාබාධ සුවකරගෙන පසුගිය පෙබරවාරි 4 වනදා බන්ධනාගාරයෙන් නිදහස්වී එලියට ආවේය.
ඔහු ගැන පසුගිය සතියේ නැවත කථාබහක් මතුවූයේ
යම් යම් සුළු වැරදි වලට නැවත අත්අඩංගුවට ගන්නා නිසයි. පසුගියදා ක්‍රියාත්මක කළ දුම්රිය වැඩ වර්ජනය අවස්ථාවේ දුම්රිය මැදිරියක නිදා සිටිය දී ඔහු කළ සොරකමක් ගැනත් හා පසුව පිළියන්දල පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයකුගේ නිවසකින් වසර 12 කට පෙර ඔහු රුපියල් තුන් දහසක රන් ආභරණ සොරකම් කිරිමක් ගැනත් චෝදනා ලබා පොලිස් අත්අංගුවට පත්වූ අතර ඔහුගේ භාරකරුවෙකු ලෙස පෙනී සිටින විශ්‍රාමික ගෘප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරි මහතා ඉදිරිපත්ව ඇප ලබාදී නිදහස් කරගෙන තිබුණි. හිතුමතේ ජීවිතේ පවසන්නේ ඔහු ඒ සොරකම් නොකළ බවයි

තම නැගණියගේ ජීවිතය අහිමිකරවූ අයගෙන් පලිගන්නට වයස 17 සිට

මේ දක්වා අසාමාන්‍ය සටනක නිරතවූ මෙම සමූල ඝාතකයාගේ ජීවිතය අළලා පොත පත කවි කොළ සිනමා පට පවා නිර්මාණයවී ඇති අතර ඔහුට නැවත නැවත සිරගෙට යොමු කරන්නට කිසියම් බලවේගයක් ක්‍රියාත්මක වන බවත් ඒ පසුපස ඇමතිවරයෙකු සිටින බවටත් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබේ.
ඔහු අතින් ඝාතනයට ලක්වූ තම නැගණියගේ ඝාතකයින් අතර සිටි පැරණි ඇමතිවරයෙකුගේ ඥාතීත්වය දරන වර්තමාන ඇමතිවරයෙකු මෙම ‘කරදර‘ පසුපස සිටින බවටද වාර්තා පළවේ.

මරණ දඬුවම නියමවී සිට දෙවරක් ජනාධිපති සමාව ලැබු හත් වතාවක් සිරෙන් පැනගිය හිතුමතේ ජීවිතේ යනුවෙන් පපුවේ පච්ච කොටා ඇති බටගහගේ සුමතිපාල දැන් 62 හැවිරිදි වියේ පසුවේ.
1972 වසරේ කළුතර අවුරුදු කුමාරිය ලෙස අභිෂේක ලත් සිය සහෝදරිය දුෂ ණය කර මරා දැමූ කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඝාතනය කිරිම සම්බන්ධව මුලින්ම ඔහු අත්අඩංගුවට පත්විමෙන් පසුව 1975.05.07 වැනිදා බෝගම්බර සිර ගෙදර දී එල්ලා මරා දැමීමට නියම විය.
ඊට පෙර දින රාත්‍රියේ සිය ආහාර ගන්නා පිඟාන හතරට කඩා ශරිරය කපා ගෙන බරපතළ තුවාල සිදුකර ගත් මොහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.
එල්ලා මැරීම සඳහා ඔහු රැගෙන යෑමට රෝහලට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට බරපතළ තුවාල ලබා රෝගී වී සිටි එම පුද්ගලයා ගෙනයාමට දීම එහි සිටි වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඔහු එදින එල්ලා මැරිමට නොහැකි විය.
අනතුරුව වෛද්‍යවරයා මැදිහත් වී එවකට ආණ්ඩුකාර විලියම් ගොපල්ලව

මහතාට කරුණු දැක්වීමෙන් පසුව 1978 වසරේ ඔහු එල්ලා මැරිමට විනාඩි පහක් පමණ තිබිය දී ඔහුට ජනාධිපති සමාව ලැබී තිබිණි.  එතැන් සිට වරින් වර සිරන් පැන ආ "හිතුමතේ ජීවිතේ" නමැත්තා සිය සහෝදරිය ඝාතනය කිරීමට අනුබල දුන් පස් දෙනකු මරා දමා සිරගත වූ බව පැවසේ.
ඒ සෑම අවස්ථාවකම පාහේ තම ඝාතනය සිදුකර මළමිනී හිසද සමග පොලිසියට පැමිණ භාරවීම ඔහුගේ සිරිත විය.
 වසර 43කට අධික කාලයක් මොහු සිරගතව සිට ඇති බව ද කියති. වත්මන් ජනාධිපති ,හිටපු ජනාධිපති , රෝහණ විජේවීර, විජය කුමාරතුංග ,පොඩි විජේ, මරු සිරා මෙන්ම සමයංද ඔහුගේ සිරගේ මිතුරන්වූ බව කියැවෙන අතර ලංකාවේ තිබෙන සිරගෙවල් 18 ම ඔහු කල් ගත කර ඇති බව පැවසේ.
වරක් ඔහුව සිරගෙදරදී ඝාතනය කරවන්නට එවූ අයෙකුද ඔහු සිරේදී ඝාතනය කර තිබේ.

තම නැගණියගේ සියලු දූෂකයින් ඝාතනය කිරීමෙන් පසු ඔහු 1978 පසුව මිනී මරා නැත.
2039 තෙක් සිර දඬුවම් නියම වී සිටි "හිතුමත් ජීවිත්" 2014 වසරේ සිරකරුවන් තවත් පිරිසක් සමග බෝගම්බර සිරගෙදර වහලයට නැග උපවාසයක නිරත වී  අසාධ්‍ය තත්ත්වයට පත් වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ක්‍ෂ මහතාගෙන් පොදු සමාවක් ලැබී නිදහස් වූයේය. ඔහුගේ උපවාස අවස්ථාවේ උගුරේ ඇතිවූ ආබාධ තත්වයන්ට ඉන්දියාවටද ගොස් ප්‍රතිකාර ලබා විවේක සුවයෙන් සිට ඔහු නියම පරිදි සිරෙන් එළියට ආවේ පසුගිය 2018 පෙබරවාරි 4 වනදාය.
ගුවන් හමුදාවේ විශ්‍රාමික ක්‍රිෂාන්ත මනම්පේරි මහතා පෑලියගොඩ පොලිසියේ දී "හිතුමත් ජීවිතේ" නමැත්තා හඳුනාගෙන ඔහු භාරයට ගෙන හබරණ වත්තක ඉදුම් හිටුම් ලබාදීමට කටයුතු කර තිබෙයි.