ව පළාතට සුවසැරිය ගිලන් රථ හඳුන්වාදීමේ වැඩසටහන පසුගියදා හාලි ඇළදී සිදුවිය. එම අවස්ථාවේ ඇමති හරීන් ප්‍රනාන්දු සිය කුඩා කාලය මතක් කරමින් සංවේදී කතාවක් සිදු කළේය.
 අසනීප තත්ත්ව වලින් පෙළෙන
රෝගින්ගේ යැපෙන්නන් සහ ඔවුන්ගේ සමීප ඥාතිඑදිනෙදා මුහුණ දෙන දුෂ්කරතා පිළිබද කවුරුත් දෙවරක් සිතන්නට පෙළඹුණු එම කතාව මෙසේය.
 ' මේ මං කියන්නේ පොඩි ළමයෙක් විදියට ගෙදරදී වයස අවුරුදු දොළහේ විතර කාලේ ඉදන් දැක්ක දෙයක්. අසනීප වුණාම මිනිස්සු කිසිම වෙනසක් නැතිව එකම විදියට අසරණ වෙනවා කියන දෙයයි මම මින් මතු කරන්නට උත්සාහ කරන්නේ.

මං ඒ කාලේ ඉදන්ම මගේ මව්පියන් අසනීපවලට මුහුණ දුන්න විදිය දැක්කා. මගේ පියා වකුගඩු බද්ධ කිරීම්වලට ලක්වුණු කෙනෙක්. මවත් බයිපාස් ශල්‍යකර්මයකට මුහුණ දී සිටියේ මං පොඩි කාලේ ඉදන්මයි.

ඉතින් මගේ පළාතේ සිටින මේ වගේ රෝගීගේ විතරක් නෙවෙයි, ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ගේ තත්ත්වයත් මට හොදින් දැනෙනවා. ඒ වගේම මමත් ඒ වගේ පවුල් පසුබිමක වැඩුණු ඌවේ කෙනෙක් විදියට ජනතාවට කියන්නේ දියවැඩියාව, හෘදයාබාධ වගේ බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒවා පාලනය කරගන්නවා නම් ඒ සම්බන්ධ අතුරු ආබාධ ආදියෙන් බොහෝ දුරට වැළකිය හැකි බවයි.

ඒ වගේම හදිසි ප්‍රතිකාර සේවාවක් සහිත මේ ගිලන් රථ සේවාව නිසා ඔබට අපට අපි ආදරය කරන ජනතාව සමග තවත් එක් දිනක්වත් ජීවත්වන්නට වුවමනා කරන සුවය ලැබේවි. දෙනෝදාහක් ඌවේ ජනතාවට ඒ වරම ලැබේවි. ඒත් අපි සංවේදීව කරණ මේ සද් කාර්යයත් සමහරු දේශපාලන කෝණයෙන් බලන බව

මට මින් මොහොතකට කලින් අන්තර්ජාලය හරහා විකාශය කෙරෙන මේ උත්සවය සජීවීව නැරඹු සමහරුන්ගේ කොමෙන්ටු දුටුවාම හැගුණා. ඒ සමහරු මේක හරි ලොකුද දන්නෑ කියලා අහලා තිබුණා. තව පිරිසක් විමසා තිබුණේ මේවායේ සේවය ලැබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරද කියලා.
මේ වගේ කතා නිසා මගේ සිතට වේදනාවක් ඇතිවුණේ.ඒ නිසයි මං කියන්නේ , මේ අන් සියල්ලටම වඩා උතුම් දෙයක් කියලා, එහෙමත් නැතිනම් වටිනා ජීවිතය දීමක්ය කියලා, ඉතින් පාර්ලිමේන්තුවේදීත් විපක්ෂයේ විරෝධයකින් තොරව පසුගියදා පනතක් විදියටත් සම්මත කරගත් කිසිම හේදයක් නැතිව පොදුවේ සියලු මනුෂ්‍යයන්ට සෙත සෑදෙන මේ උතුම් කර්තව්‍යය දෙස වපරැහින් බලන්න එපා කියලා මං ඒ අයගෙන් ඉල්ලනවා.”