ධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (8) අභියාචනාධිකරණය විසින් නිකුත් කිරීමට නියමිතය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 2016.1.25 වැනිදා විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඇතුල්වී බලහත්කාරයෙන් අධිකරණය අමතා තිබුණි.

එලෙස අධිකරණයට කඩා වැදී සුද්දාගේ නීතිය තමන් පිළිනොගන්නා බවත් රණවිරුවන් මුදාහරින ලෙස එහිදී අධිකරණය හමුවේදී පවසා තිබූ විත්තිකාර ඥානසාර හිමියන් එම නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට අපහාස වන ආකාරයෙන් ආමන්ත්‍රණය කොට තිබුණි.

විත්තිකරුගේ එකී ක්‍රියාකලාපය මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතිදැයි සොයා බලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා කළ පැමිණිල්ලක් සලකා බැලූ අභියාචනාධිකරණය විත්තිකාර ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරන ලෙසට නීතිපතිවරයාට නියෝග කොට තිබුණි.

එම නියෝගය අනුව නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා හතරක් යටතේ පැවරූ නඩුව සාක්ෂි කැඳවා විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල එම තීන්දුව අද (8) නිකුත් කිරීමට පසුගිය 18 වැනිදා තීරණය කොට තිබුණි.
 මින් ඉහත ප්‍රගීත් එකැනැලිගොඩගේ බිරියට අපහාස කිරීම නිසා සති දෙකක කාලයක් සිර අඩස්සියේ සිටීමටද ඥාණසාර හිමිට සිදුවිය.
මේ අතර මෙලෙස අද දෙවන තීන්දුව ප්‍රකාශවීමට දින නියමව තිබෙන අතරේ පෙරේදා 6 මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව සිටින ඥාණසාර හිමි තමන්ට මුත්‍රාශය හා වකුගඩු ආශ්‍රීත රෝග ඇතැයි වෛද්‍යවරුන්ට දන්වා ඇත. රෝහල් වෛද්‍යවරුන් හෙළි කරන්නේ උන්වහන්සේට අද 8 සැත්කමක් කළ යුතු බවයි.
ඒ අනුව තීන්දුව ප්‍රකාරව හිමියන් යළි සිරගතවීමක් සිදුවුවත් දිගටම රෝහලේ සිටීමට අවස්ථාව හිමිවනු ඇත.