ලොරියක් අරගෙන පොඩි බිස්නස් එකක් පටන් ගන්න සිහින මවන බොහෝ දෙනෙක්ට ඒක සිහිනයක් විතරක්ම වෙන්නෙ අතේ තියෙන ගානට පොඩි බට්ටා ලොරියක් වත් ගන්න බැරි නිසා. දැන් ලංකාවේ වාහන මිල අහස උසට ගිහින්. අමාරුවෙන් පොඩි ලොරියක් ගත්තත් පාරට දාන්න කලින් තව වැඩ ගොඩක් තියෙනවා.

තට්ටුව විතරක් අරගෙන තව ලක්ෂ 2-3ක් වියදම් කරලා බොඩිය ගැහුවට මස්, මාළු , කිරි, යෝගට්, එළවළු වගේ ශීත කල අහාර බිස්නස් එකක් එහෙම කරන්න හිතාගෙන ඉන්න අයට ෆ්‍රිජ් එකක් හයි කරන්න තවත් ලක්ෂ කිහිපයක් ඕන වෙනවා. අන්තිමේදී පොඩියට පටන් ගන්න හිතපු බිස්නස් එකට මුලදීම කණකොකා හඬලන්නේ පටන් ගන්න කලින්ම රට වටේට ණය වෙලා.

මෙන්න මේ ප්‍රශ්නෙට Demak ලංකා සමාගම අපූරු විසඳුමක් ලබා දී තිබෙනවා. ශීතාගාර සහිත, එහෙමත් නැත්නම් ෆ්‍රිජ් එකක් තිබෙන ත්‍රිරෝද රථයක් ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දෙන Demak ලංකා සමාගම සම්පූර්ණ රථයම ලක්ෂ 10ටත් අඩුවෙන් මාර්කට් එකට හඳුන්වාදී තිබෙනවා.

කෙටියෙන්ම කිව්වොත් Demak Eco3 ත්‍රිරෝද රථය මිලදී ගෙන පළමු දවසෙම අපි අර කතා කරපු පොඩි පොඩි බිස්නස් හිතේ බරක් නැතිවම පටන් ගන්න පුළුවන්. මේ රථයේ විශේෂත්වය වන්නේ ශීතකරණයට අවශ්‍ය විදුලිබලය එම ත්‍රිරෝද රථයේ වහලය මත තිබෙන සූරියකෝෂ මගින් නිපදවීමයි.







Demak Eco3 ත්‍රිරෝද රථය ලංකාවට හඳුනවා දීම නිල වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතාගේ මුලිකත්වයෙන් පසුගිය දිනක එම අමාත්‍යාංශයෙදී පැවතුනා. මේ සඳහා Demak ශ්‍රී ලංකා සමාගමේ නව කළමනාකාරීත්වයද සහභාගිවීම විශේෂත්වයක්.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ Demak ලංකා සමාගමේ සභාපති  Gao Rong මහතා පැවසුවේ මේ වසරේ Demak ලංකා සමාගම දේශීය මෝටර් සයිකල් වෙළඳපොලේ පෙරළියක් ඇති කරමින් 50CC ස්කූටරයක් අඩුමිලට හඳුන්වාදීමට බලපොරොත්තු වන අතර ජපන් සහ ඉන්දියානු මෝටර් සයිකල් ගෙන්වා බෙදාහැරීමේ කටයුත්තටද මුලපුරන බවයි.

Demak සමාගමේ රට පුරා විසිරී ඇති තම සේවා ජාලය හරහා දැනට වෙළඳපොළේ තිබෙන සියළුම මාදිලියේ මෝටර් සයිකල් සඳහා අමතරකොටස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද Demak සමාගම ලංකාවේ සංචාරක කර්මාන්තයට උරදෙමින් නවතම හෝටල් සමූහයක් ආරම්භ කිරීමට නියමිත බවද ප්‍රකාශ කර සිටියා.

Sponsored Post