හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස්
වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය ප්‍රකාශ කර තිබේ.

මින් ඉහත ඉන්ධන

මිල වැඩිවීම සලකා බස් වර්ජනය කරන බවට ඔවුන් පවසා තිබුණ නමුත් සිකුරාදා ඉන්ධන මිල ඩීසල් සම්බන්ධව සිදු වූයේ නැත.
පසුව ඔවුන් මෙම වර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබුණේ ටෙන්ඩර් පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින්ය.
එහෙත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ ඊයේ පැවති සාකච්ඡා සාර්ථකවීම
හේතුවෙන් වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළඹුණු බව එම සංගමයේ සභාපති සරත් විජිතකුමාර සඳහන් කළේය.