බස් කර්මාන්තයට ඇති වී තිබෙන ගැටලු 09ක් මුල් කරගනිමින් 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩ බස්රථ වර්ජනයක් ආරම්භ කරන බව බස් සංගම් එකමුතුව සඳහන් කරයි.
මීට අමතරව 10 වැනිදා සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී රුපියල් 10කට වැඩි මිලකින් ඩීසල් ලීටරය ඉහළ ගියහොත් අවම බස් ගාස්තුව ඇතුළුව සියලුම ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව එම සංගමයේ සාමාජික සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.


ඊයේ (O6)දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී එම් සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඩීසල් ලීටරයක මිල රුපියල් 05 - 10 ත් අතර මුදලකින් ඉහළ ගියහොත් අචම ගාස්තුව හැර අනෙකුත් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

වර්තමාන රජයේ ප්‍රතිපත්ති හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හා පළාත් අධිකාරීවල අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා පෞද්ගලික බස් කර්මාන්තය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙන බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා අදාළ ගැටලු විසඳාගැනීමට උත්සාහ කළද බලධාරීන් ඒ සඳහා උනන්දු නොවන හෙයින් 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට බස්රථ සේවයන් ඉවත් කරගන්නා බවද එම සංගමයේ සභාපති සරත් විජිත මහතා සඳහන් කළේය.

මාර්ග බලපත්‍ර අයිතිය උදුරාගැනීමට සිදුකරන කූට ක්‍රමවේදය, මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ක්‍රම මගින් බලයලත් ආයතන බස් හිමියා සුරාකෑම සහ බස් කර්මාන්තය විනාශ කිරීමට හංගේරියාවන් බස් රථ ගෙන්වීමට සැලසුම් කිරීම ඇතුළු ගැටලු 09ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.