ලෝකය පුරා සිදුවන බොහොමයක්  අකල් මරවලට දුම්කොළ හේතූවී ඇති බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය  නිවාරණ නිලධාරී එම්.එම්. තිලකරත්න  මහතා පවසයි. හෙතෙම මේ බව පවසා සිටියේ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට එක් වෙමින්ය.

මෙහිදී ඔහු

වැඩිදුරටත් අවධාරණය කර සිටියේ දුම්පානය මෙන්ම බුලත්විට සැපිමද ශරීරයට බෙහෙවින් අහිතකර විය හැකි බවයි. විශේෂයෙන්ම බුලත් විට සඳහා පුවක් යොදා ගැනීම අනිවාර්යයෙන්ම වන අතර පුවක්වල මිනිස් ශරීරයට අතිශයින් හානිදායක රසායනික ද්‍රව්‍යක් අඩංගු බව පර්යේෂණ මඟින් හෙළි වී ඇති බවද මෙහිදී පැවැසූහ.

එසේම බුලත්විට සඳහා යොදාගනු ලබන අමු ද්‍රව්‍ය අතරින් බුලත් කොළය හැර සෙසු සියලු දෑ මිනිස් සිරුරට අහිතකරය. වර්තමානයේ තරුණ පෙළ දුම්පානයටත් වඩා බුලත්විට හැපීමට පුරුදු වෙමින් සිටින බව පෙන්වා දුන් තිලකරත්න මහතා මෙය ඉතා අවාසනාවත්ත තත්වයක් බවද පැවැසීය.

-උදාර මදුසංක-