මිලිමීටර් 0.22 වර්ගයේ පිස්තෝලයක් රැගත් ගුවන් නියමුවකු ඩුබායි බලා පිටත්වී යෑමට කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ (06දා) උදෑසන පැමිණ සිටීයදී ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී
ගුවන්තොටුපොළ

පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ මහතා පැවැසීය.

මොහු කොළඹ, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි (50) පුද්ගලයෙකි. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් නියමුවකු වන අතර දැනට කෙන්යාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සමාගමක ගුවන් නියමුවකු ලෙස සේවය කරයි. ඔහු සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා කෙන්යාව වෙත යෑම පිණිස ඊයේ (06දා) උදෑසන ඩුබායි බලා පිටත්ව යන 'එම්රේට්ස්' ගුවන් සේවයේ ඊ.කේ. - 651 දරන ගුවන් යානයෙන් පිටත් වී යැම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.  එහිදී ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ලද ස්කෑන් පරීක්ෂණයේදී ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ අඟල් හතරක් පමණ දිග මෙම පිස්තෝලය සොයාගෙන ඇත.

පසුව කරන ලද දැනුම් දීම මත පැමිණී ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් මෙම ගුවන් නියමුවා සමඟ පිස්තෝලයද අත්අඩංගුවට ලෙන තිබේ.


-ගයා තිරිමාදුර-