වාහනයක් ලබාදීම සම්බන්ධයෙන් වංචාවක් සිදු කිරීම නිසා චිත්‍රපට අධ්‍යක්ෂ අතුල ඉද්දමල්ගොඩ මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. සිද්ධියට අදාළ පැමිණිල්ල කළ ටෙලි නිළි රොෂානා ඔන්ඩච්චි එම සිද්ධිය විස්තර කරමින් කියා සිටින්නේ අධ්‍යක්ෂවරයා තමන් දෙවරක්ම රැවටූ බවත් තර්ජන
ගර්ජන මැද ජීවිත බියෙන් මෙම ගැටලුවට මුහුණදුන් බවත්ය. ඔවුන් පැමිණ තමාට හෝ දරුවාට වෙඩිතබා යනු ඇති බවට අනියත බියක් තිබුණ බවද ඇය පවසන්නීය.
ඇය අමතා ගොසිප් ලංකා කළ විමසීමේදී මෙසේ කියා තිබේ.
 ‘ම‍ගේ තිබ්බ වාහනේ විකුණලා තමා මං සල්ලි දුන්නේ.මේ මනුස්සයා මට ජපානෙන් වාහනයක් ගෙනත් දෙනව කිව්වා ගොඩක් අඩුවෙන්. පර්මිට් තියනවා ඒවගේ ඒවා කිව්වා. එයා වාහන විකුණපු අය ගැන නම්බර්ස් වගයකුත් දුන්නා මං හොයල බැලුව අපේ මල්ලිලත් යාළුවො දාලා බැලුවා. ප්‍රශ්නයක් නෑ කිව්ව නිසා

මට බයක් නැතිව මුලින් ලක්ෂ 10 ක ඇඩ්වාන්ස් එකක් දුන්නා. ඒත් වාහනේ දුන් නෑ.

පස්සෙ රෙන්ට් එකට වාහනයක් දුන්නා ඒකත් ගත්තා. ඒකට විරුද්ධව මං නඩුවක් දැම්මා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ඒකට විරුද්ධව වෙනම නඩුවක් යනවා. වෙන වාහනයක් දෙද්දිත් කළේ රැවටිල්ලක් මුලින් රෙන්ට් එකට වාහනයක් දුන්න වාහනේ දෙනකං කියල. පස්සෙ මෙන්න ඔයාගෙ වාහනේ කියල වාහනයක් දුන්නා. බලද්දි ඒකත් හොර එකක්. වෙන කෙනෙක්ට අයිති එකක්. ලියකියවිලි ඔක්කොම බොරු. මං මිරිහානෙ පැමිණිල්ලක් දැම්මෙ.

පසුගිය දවස්වල ගිහාන් මල්ලි මැරුණ සිද්ධිය නිසා තමා මේක ආයෙ උඩට ආවෙ. ඒකට සම්බන්ධ අර ලක්ෂාන් කියන මනුස්සය තමා මට වාහනේ දෙන්න ඔක්කොටම ආවෙ.දෙවැනි පාරටත් අපේ ගෙදරටත් ඇවිත් තර්ජනය කරල ගියා. ඇත්තටම තියන බය මටයි බබාටයි මොනව හරි කරයි කියලා. ඇත්තටම මං බයෙන් ඉන්නෙ මට වෙඩි තියල හරි යයි කියලා. එච්චර බයෙන් මම ඉන්නේ.‘