ක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2016 මැතිවරණ ව්‍යාපාර වියදමින් ඔහුගේ අනියම් සම්බන්ධයක් යටගැසූ බවට දෙවන වරටත් චෝදනා එල්ලවීමත් සමග ඇමරිකානු මාධ්‍ය නැවත උණුසුම්වී ඇත.
මේ සම්බන්ධයෙන් මීට ටික කලකට එරෙහිව කතාවූයේ ඩැනියෙල්ස් නමැති නිල් චිත්‍රපට නිළිය ගැන වුවත් මෙවර තවත් කාන්තාවකගේ නම කියැවී තිබේ. ඒ ඇමරිකානු ප්ලේ බොයි සඟරාවේ සරාගී නිරූපිකාවක වූ
Karen McDougal ගැනයි. ඇයත් ට්‍රම්පුත් වසරකට ආසන්න කාලයක් අනියම් ඇසුරක් පවත්වා තිබුනේ 2006 දී වන අතර ඒ කාලයේ ට්‍රම්ප්ගේ වත්මන් බිරිය මෙලනියා විවාහ කරගෙන ඇයගේ දරුවා ලබන්නට සිටි කාලය බව කියැවේ. ට්‍රම්ප් පසුව මෙම අනියම් ඇසුර නවතා දැමූ නමුත් ඊට වසර 10 කට පසු ඔහු ජනපතිවරණයට එන කාලයේ

ඒ ගැන වොල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත ප්‍රසිද්ධ කරන ලදි.
සිද්ධිය ගැන කණින් කොනින් වාර්තා පළවෙද්දී මෙම ප්ලේ බෝයි නිරූපිකාව සිය රසවත් පුවත The National Enquirer නමැති පුවත්පතට $150,000 ක මිලකට ලබාදී ඇති බව පැවසේ. කෙසේ වෙතත් පසුව එම පුවත්පත ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරය මේ ගැන දැනුවත් කර පුවත එළියට නොදමනවාට ට්‍රම්ප් නියෝජිතයින්ගෙන් විශාල කප්පමක් ලබාගත් බව හෙළිව තිබේ.
ට්‍රම්ප්ගේ ගේ පුද්ගලික නීතිඥයා මෙම කප්පම ගැන කතා කරන හඬ පටයක්ද තිබී ඇති අතර මුල් වරට ඇමරිකානු නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ

මෙම හඬ පටය ගැන සිය වෙබ් අඩවි ඔස්සේ දැනුවත් කර තිබේ.
මේ ගැන FBI විමර්ශනයක් ඇරඹෙනු ඇති බවට වාර්තා පළවේ.
කරුණු ඔප්පු වුවහොත් ඇමරිකානු ජනපතිවරයා සිය පක්ෂයේ මැතිවරණ මුදලින් අයහපත් පුද්ගලික සබඳතා වළක්වා ලූ බවට නරක නාමයට හිමිකම් කියනු ඇත.
එසේම විවාහක සම්බන්ධයක් හා බිරියට දරුවෙකු ලබන්නට සිටියදී ඇමරිකානු ජනපතිවරයා වන්නට සිටි පුද්ගලයා අනියම් ඇසුරුකම් පැවැත්වීමේ අපකීර්තියටද ලක්වනු ඇත.
1998 වසරේ ප්ලෝබෝයි ප්ලේ මේට්  ලෙස කිරුළු පලන් 47 හැවිරිදි Karen McDougal මේ වනවිට ප්ලේ බෝයි නිරූපණයන්ගෙන් ඉවත්ව සිටින්නියකි. ඇය ඇමරිකානු සිනමා හා රූපවාහිනී නිළියක ලෙසද නමක් දිනා සිටී. ඇය කාලයක් ඇමරිකාවේ සරාගීම නිරූපිකාවන් අතර පෙරමුනේ සිටියාය.