මාස ගණනක් ගතවනු ඇති බවට පසුගිය දිනවල අනාවැකි පළවූ තායිලන්තයේ ලෙනක සිරවූ පාපන්දු ක්‍රීඩක සිසුන් හා පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම අලුත්ම සැලැස්මකට අනුව අද උදෑසන දියත් කෙරුනේ විදේශ විශේෂඥ කිමිදුම්කරුවන් 50 ක් හා තායි කිමිදුම්කරුවන් 40 ක එකතුව 90 කගේ මෙහෙයුමක් පරිද්දෙනි.
මෙහිදී සැලැස්ම වූයේ
කිමිදුම් නිලධාරීන් දෙදෙනෙකුට මැදිකර දරුවන් ඉදිරියට රැගෙන යාමයි. ඉදිරිපස සහ පසුපස නිලධාරීන්  දෙදෙනා යන්නේ දරුවාගේ ඔක්සිජන් සිලින්ඩරයද රැගෙන වන අතර දරුවාට සම්පුර්ණ මුහුණ ආවරණය වු full face mask යොදා පහසුව ඇති කරන අතර ජලය හරහා කේබලයක්ද අදින්නට තීරණය විය.
සක්‍රීය ප්‍රදේශයේ නිලධාරීන් 15 දෙනෙකු රදවා  අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය කලමනාකරණය කරනු ලැබීය.

මෙම මෙහෙයුම අනුව වරකට දරුවන් දෙදෙනෙකු බැගින් ගෙන එන්නට නිලධාරීන් 4 දෙනෙකු පිටත් විය.

මෙම මෙහෙයුම අද උදෑසන 10ට ආරම්භවී පැය 8 කට ආසන්න කාලයකදී දරුවන් ගේ දෙමාපියන් දෙනෙත් අයා බලා සිටියදී සවස 5.45 ට පමණ මුල්ම දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව එළියට ගන්නට හැකි විය. මෙපමණ දිනක් කළුවරේ හරියට ආහාර නැතිව ජීවිතය හා මරණය අතර බියෙන් කල්ගෙවූ ඔවුන් දෙදෙන එලියට ගැනීමට සමත්වීම විශාල ජයග්‍රහණයක් විය. මේ අවස්ථාව සජීවීව ලෝකයටම යූටියුබ් ඔස්සේද ප්‍රචාරය විය.

අද 7.30 ට පමණ මෙහෙයුම අනුව අනෙක් දරු දෙදෙනාද එළියට ගත් අතර මේ වනවිට දරුවෝ 4 දෙනෙකු එළියේ සිටිති. අද සවස යළි වැසි පතිත වීමත් කිමිදුම් කරුවන්ට විවේකයක් ලබාදීමටත් අවැසි වූ නිසා දැනට මෙහෙයුම් නතර කර තිබෙන අතර නැවත හෙට (9 වනදා) ඉතිරි 9 දෙනා බේරාගැන්මේ මෙහෙයුම් ඇරඹෙනු ඇත.බේරාගත් දරුවන් මේ වනවිට රෝහල් ගත කර ඇත.

ඔවුන්ගේ මානසික තත්වය සන්සුන් මට්ටමකට ගෙන ඒමට කලක් ගතවනු ඇති බවට වාර්තා පළවේ.ලෝක පාපන්දු සම්මේලනය මෙම පාපන්දු ක්‍රීඩා කරන ළමුන්ට FIFA අවසාන තරගය නැරඹීම සඳහා
 ආසන දහතුනක් වෙන්කර නොමිලේ ඒ සඳහා එන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙන අතර දරුවන් සියලු දෙනාටම එම වාසනාවද අත්වනු ඇතැයි කාගේත් බලාපොරොත්තුවයි.