අදීන ලෙස පන්හිඳ හසුරවමින් පුවත්පත් කලාවේ යුග මෙහෙවරක නිරත වූ ජ්‍යෙෂ්ඨතම මෙන්ම ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රිනී අතහිත පදනමේ නිර්මාතෘ ප්‍රියංකා ජයසේකර මහත්මිය ඉකුත් පුන්
පොහෝ දා ඒ මහතාගේ 

නිවසට ගියාය.

එහිදී සුනිල් මාධව මහතා පුවත්පත් කලාවට කළ යුග මෙහෙවර විශේෂ ඇගයීමට ලක්කළ මන්ත්‍රීවරිය එය අගය කරමින් ඊට ගෞරවය පුදකරනු පිණිස, සුනිල් මාධව මහතාට අවශ්‍ය ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අතහිත පදනම මගින් මාසිකව විශේෂ දීමනාවක් ලබා දීමට තීරණය කළාය.

 නිල වශයෙන් එම දීමනාව සුනිල් මාධව මහතා වෙත ප්‍රදානය කළ ආකාරයත්, සුනිල් මාධව මහතාගේ ආදරණීය බිරිඳ මෙන්ම ප්‍රවීණ කිවිඳියක  වන පුවත්පත් කලාවේදිනී මනෝරා ප්‍රභාති ප්‍රේමතිලක මහත්මිය හා සුනිල්  මාධව මහතාගේ ආදරණීය එකම පුතු සමග මන්ත්‍රීවරිය සුහද කතාබහක නිරත වූ ආකාරයත්ය.



මෙම සුහද කතාබහේදී සුනිල් මාධව මහතා පුවත්පත් කලා ජීවිතයේ දී මුහුණ දුන් අභියෝග හා ගැටලු පිළිබඳ විශේෂයේන කතා කෙරුණු අතර ඊට සාවධානව කන්යොමු කළ මන්ත්‍රීවරිය තමන් මාසිකව ලබාදීමට තීරණය කළ දීමනාවට අමතරව සුනිල් මාධව මහතා වෙනුවෙන් තවත් යම් දෙයක් ඉදිරියට කිරීමට අවශ්‍ය නම් ඒ ඕනැම මොහොතකදී නොපැකිලිව ඉදිරිපත් වන බවට ද පොරොන්දු වූවාය.