හලාවත නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය තාවකාලිකව ඉවත්කර ඇත.

 ඇය පසුගිය කාලය තුළ ඇතැම් විනිසුරුවරුන් හා ඇතැම් නීතිඥයන් පිළිබඳව වරින්වර කර තිබෙන ප්‍රකාශයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක්‌ ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පස්‌ දෙනකුගෙන් යුත් කමිටුවක්‌ පිහිටුවා ඇත. නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ප්‍රදීප් රුද්‍රිගු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමේදී මෙම තීරණය ගෙන තිබේ.