ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ නිවසේ ඇතිවූ ආරවුලකදී කතුරකින්  ඇන ඝාතනය කිරිමේ සිද්ධිය
සම්බන්ධයෙන්

පොලිසිය සොයමින් සිටි  රසික ඊඩන් ප්‍රභාත් නමැති ඇයගේ සැමියා අද පානදුර දුම්රිය ස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පානදුර - කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ප්‍රියානි  ඊයේ (8)  රාත්‍රීයේ දී සැමියා විසින් ඝාතනය කර ඇති බව මුලික පරීක්ෂණ වලදී හෙළිවිය.
සැකකරු ප්‍රශ්න කිරීමට නියමිතය.
රාත්‍රී 8.45 ට පමණ ඇයට අනතුරක් සිදුව ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරු ඔස්සේ ඇගේ නිවස සොයාගිය පොලිසියට දරුණු ලෙස පහරදී තිබුණ සිරුර හමුවිය.
ඇය පානදුර මූලික රෝහලට ඇතුළු කරන විටත් මියගොස් තිබුණි.