නපේක්ෂිත ලෙස පසුගියදා සමුගෙන ගිය ප්‍රියානි ජයසිංහ ගායිකාව කලාකරුවන් සමග මෙන්ම සිය පවුලේ අය සමග ඉතා හොඳ සම්බන්ධයක් පවත්වාගෙන ගිය තැනැත්තියකි. ඇය මින් වසර දෙකකට පමණ පෙර 2016 සිය වැඩිමල් පුතු ලෝෂිත හසරැල් සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වූයේ ‘සුන්දර හදකට‘ යන නමිනි. ඇයගේ කටයුතු වලට ගායක ගායිකා සංගමය මෙන්ම
කලා සංධානයද මහත් උපකාර කරන ලදි.
ඇය පසුගිය කාලයේ කලා සංගම් සංවිධානය කරන බොහෝ උත්සව අවස්ථාවන්ටද එක්වෙමින් එහි ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස කටයුතු කළාය.


නිතරම ෆේස්බුක් ඔස්සේ තමන්ගේත් තම හිතවත් කලාකරුවන් සමග සිටින ඡායාරූපත් ප්‍රසිද්ධ කිරීමට ඇය කැමැත්තක් දැක්වූවාය. ඇය සිය ගණන් සෙල්ෆී ඡායාරූප ෆේස් බුක්හි පළ කර තිබුණද ඇයත් සැමියාත් සමග සිටින ඡායාරූප ඇත්තේ එකක් පමණක් වන අතර එය ලබාගෙන තිබුනේ ඇගේ සංගීත ප්‍රසංගය දිනයේ බාහිර ඡායාරූප ශිල්පියෙකු විසිනි.

කලෙක සිටම ඇයගේ ජීවිතය ගෙවුනේ සැමියාගෙන් දුරස්ව බවට දන්නා කියන අයද සාක්ෂි දරයි.
ප්‍රියානිගේ පියාණන් තවමත් ජීවතුන් අතරය. ඔහුට වයස 100 සැමරුවේ පසුගිය පෙබරවාරි මාසයේය. එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක්ද ප්‍රියානි ඇගේ ෆේස් බුක් ගිණුමට එක්කර තිබුණි.

මේ සුන්දර ළෙංගතු කලාකාරියගේ සමුගැනීම මෙතරම් ඉක්මණීන් සිදුවේ යයි ඇය හා සමීප කිසිවෙකු අපේක්ෂා නොකළ දෙයකි.වයස සියයක් සපුරා මාස 5 කට පසු පියාණන්ටද අවාසනාවන්ත ලෙස ඇගේ නිසල දේහය නරඹන්නට
සිදු විය.
දේහය මේ වනවිට  546/1 අලුබෝගහලන්දවත්ත කුඩා අරැක්ගොඩ පානදුර යන ලිපිනයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කොට ඇත.
අවසන් කටයුතු 12 වන බ්‍රහස්පතින්දා සවස 4ට පානදුර මිනුවන්පිටිය ප්‍රසිද්ධ සුසාන භූමියෙදි සිදුකෙරේ.