මේ දිනවල කථාබහට ලක්ව තිබෙන මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳ සංවාදය වෙනතකට යොමුවූයේ එයට
ජීඑස්ටී තහනම පෙන්වමින් කථාකරන යුරෝපා

සංගමය හා ඇතැම්  ආගමික සංවිධාන විරුද්ධවූ බවට ප්‍රචාරය වීමත් සමගය. ඒ ගැන හෙට (22) නිකුත්වන ඉරිදා ලංකාදීප පුවත්පත මුල්පුවතින් පළ කර ඇත්තේ
 ‘මරණ දඩුවම පනවන යෝජනාව අයින් කර ගනියි‘ යනුවෙනි. පුවත්පත කියවා මෙය නරඹා අද දින පොළොන්නරුවේ පැවති ජනහමුවකදී ජනපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර ඇත්තේ එම පුවත අසත්‍යයක් බවයි.
ඔහු එහිදී මෙසේ කියා තිබේ.

‘හෙට ඉරිදා නිකුත්වන ජාතික පුවත්පතක මුල්පිටුවේ තිබෙනවා මේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත්ත තීන්දුව ආණ්ඩුව නවත්තන්න යනවා කියල කථාවක් දාල තියනවා.ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මොන විදියේ විරෝධතාවන් ආවත් ඒ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට විරුද්ධව.‘