ලෝක කුසලාන අර්ධ අවසන් වටය සදහා ක්‍රොඒෂියානු පිල සත්කාරක රුසියාව පරදා සෙනසුරාදා අත්කරගත් ජයග්‍රහණය අති විශේෂ විය.
මෙම තරගය නරඹන්නට ක්‍රොඒෂියානු ජනපතිනිය කොලින්ඩා රුසියාව වෙත ඉකොනොමි පන්තියේ
යානයකින් පැමිණ තිබුනේ පාපන්දු උනන්දුව ඇති සිය රටවැසියන් පිරිසක් කැටුවය. ඇය එසේ පැමිණීම මාධ්‍ය තුළද කතාබහට ලක්වූ අතර එවැන්නක් කර තිබුනේ රටවැසියන් සමග එක්ව සජීවීව කණ්ඩායම අමතමින් කන්ඩායම උනන්දු කිරීමේ අවස්ථාවක් ලබාගන්නට බවට වාර්තා පළවිය.

එසේ පැමිණි ඇය පාපන්දු තරගය නැරඹූවේද ඉතා සැහැල්ලුවෙන් ක්‍රීඩා නරඹන්නන් අතර සැරිසරමිනි. රුසියාව පරදා
ක්‍රොඒෂියානු පිල ජයගත් අවස්තාවේ සතුටින් ඉපිළ ගිය ඇය ජනපති පට්ටම් අමතක කර පිරිස බදාගෙන පිරිස සමග උඩ පනින්නටද වූවාය.
 කොලින්ඩා ග්‍රැබර් කිටාරොවික් යනු ක්‍රොඒෂියාවේ මේදක්වා පත්වූ එකම ජනපතිවරියයි. ඇයගේ සරාගී පෙනුම ගැන පසුගිය කාලයේ වරින්වර ආන්දෝලනාත්මක වාර්තාද අන්තර්ජාලයේ පළවිය. ඇය උඩ පනින වීඩියෝව පහතින්