රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයන්ගේ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ්‍ය නව දහස් හාරසිය හැත්තෑපහක් දක්වා ඉහළ ගොස් ඇතැයි පසුගිය 9 දා එළිදක්වන ලද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳ සංගණන වාර්තාවේ සඳහන් වෙයි.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳ 2016 වර්ෂයේ නොවැම්බර් මස 17 වැනිදා පවත්වන ලඳ මෙම සංගණනයේ අවසන් වාර්තාව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී
පසුගිය 9 දා එළිදක්වනු ලැබිය. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාහි වු ඡාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි.එස්. රුවන්චන්ද්‍ර මහතාට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛණ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසර සතරසිංහ මහතා විසින් මෙම වාර්තාවේ මුල් පිටපත පිළිගන්වන ලදී.

සංගණනයට අනුව මුළු සේවා නියුක්තිකයන්ගෙන් සියයට 55.3 ක් මධ්‍යම රජය යටතේද සියයට 34.7 ක් පළාත් රාජ්‍ය අංශය යටතේ ද පත්වීම් දරති.
මුළු සේවා නියුත්තිකයන් අතරින් 4,35,471 දෙනකු රාජ්‍ය අංශයේ ආයතනවලට ද 3,80.798 දෙනකු පළාත් රාජ්‍ය අංශයේ ආයතනවලට ද 2,43,806 දෙනකු අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවලට ද අනුයුක්තව සිටින බව සිංගණන වාර්තාව පවසයි. මුළු සේවා නියුක්තිකයන්ගෙන් සියයට 55.1 ක් පිරිමින් වන අතර සියයට 44.9 ක් කාන්තාවෝ වෙති. මධ්‍යම රජය යටතේ පවතින ආයතනවල සේවා නියුක්තිකයන්ගෙන් බහුතරය (සියයට 64) පිරිමින් වන අතර පළාත් රංජ්‍ය අංගයේ කාන්තා සේවා නියුක්තිකයින් සංඛ්‍යාව සියයට 61.6 කි.
මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 35ක් අ.පො.ස. උසස් පෙළ සමත්ව ඇති බවත් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් සෑම සිවු දෙනකුගෙන් අයෙකුම (සියයට 26.2) උපාධිධරයකු බවත් සංගණන වාර්තාවේ දැක්වෙයි. රාජ්‍ය සේවයේ සිටින 2,00,0o0 ක් පමණ වන උපාධිධාරියෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් (සියයට 54) තම මූලික උපාධිය ගෙන ඇත්තේ කලා විෂය ධාරාවෙනි. සියයට 14ක් පමණ කළමනාකරණ විෂය ධාරාවන් ද සියයට 10ක් පමණ විද්‍යා විෂය ධාරාවෙන් ද මුලික උපාධිය ලබාගෙන ඇත. මෙම සංගණනයට අනුව මුළු සේවා නියුක්තිකයන්ගෙන් සියයට 66.3 කට එනම් 7.41,000 කට පමණ පරිගණක භාවිතයෙන් කුමන හෝ කාර්යයක් කර ගැනීමේ හැකියාව පවතියි. තවද සේවා නියුක්තිකයන්ගෙන් 4,04.000ක් පමණ කාර්යාලයීය රාජකාරී කටයුතු සඳහා පරිගණක භාවිත කරන බවත් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගෙන් න් සියයට 56.3 ක් පමණ අන්තර්ජාලය භාවිත
සඳහා පරිගණක භාවිත කරන බත් රාජ්‍ය හා
අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේන් සියයට 56.3 ක් පමණ අන්තර්ජාලය භාවිත කරන බවත් හෙළිවී ඇත. විද්‍යුත් තැපෑල භාවිතා කරන සංඛ්‍යාව සියයට 38.4 කි.