මෙරට රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 14.5%ක් හෙවත් එක්  ලක්ෂ හැටහය දහසක් බෝ නොවන රෝගවලට ගොදුරුව ඇතැයි, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛන
දෙපාර්තමේන්තුව කළ

සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.  සමීක්ෂණයෙන් පෙන්වා දෙන පරිදි මෙරට සමස්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,141,472කි.

ඉන් 6,.31,979ක් පුරුෂයන් වන අතර 509,493ක් ස්ත්‍රීන්ය. ඒ අතරින් 64,946 දෙනෙක් දියවැඩියාවෙන් පෙළති. ඉන් 42,352ක් පුරුෂයන්ය. සේවකයෝ 59,247 දෙනෙක් අධි රුධිර  පීඩනයෙන් පෙළෙති. ඉන් සේවකයෝ 5,156 දෙනකු වකුගඩු ආබාධවලට ලක්ව සිටිති. ඉන් 4,000ක් පුරුෂයන්ය. සේවකයෝ  18,987 දෙනෙක් ඇදුම රෝගයෙන් පෙළෙති. ඉන් 7,373 දෙනකු පුරුෂයන්ය. 2,724 දෙනෙක් පිළිකා රෝගයට ගොදුරුව සිටීති. ඉන් 797ක් පුරුෂයන්ය. සේවකයන් 15,478  දෙනෙක් හෘද රෝගවලට ලක්ව සිටිති. ඉන් 10,366ක් පුරුෂයන්ය.