සු අස්වනු හානිය අවම කරගැනීම සදහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද ශීතාගාර පහසුකම් වලින් සමන්විත පළමු ත්‍රිරෝද රථය ධිවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි වෙත පසුගියදා අමාත්‍යංශයේදී පිළිගන්වනු ලැබිය .

මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම  රථයේ ශීතාගාර සුර්ය බලයෙන් ක්‍රියාත්මක වේ . මේ නිසා විදුලිය වෙනුවෙන් වැයවන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි ය .
    

ඊට අමතරව මෙම රථයෙන් එකවර කිරි ලීටර් දහසක් [ 1000/- ] හෝ මස් , එළවළු , මාළු වැනි නිෂ්පාදන එකවර කිලෝ ග්‍රෑම් 300 රැගෙන යාමේ පහසුකම් වලින් සමන්විතය .
     අයහපත් කාලගුණය පවතින සුර්ය බලය නිසි ලෙස නොලැබෙන දින වලට ශීතාගාර පහසුකම් ලබාගැනීම සදහා අඛණ්ඩ බල ශක්තිය  ලබාගැනීමේ පහසුකම් වලින් මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී විදුලි බලයෙන් බැටරිය ආරෝපණය [ චාර්ජින් ] කරගැනීමේ පහසුකම් වලින්ද සමන්විතය .පරිසර හිතකාමී මෙම  රථය උපරිම ධාරිතාවක් සහිතව පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ධාවනය කල හැකිය .