මිතුරන් තිදෙනෙකු සමග අරණායක අසුපිණි ඇල්ල නැරඹීමට ගොස් පය ලිස්සා ඇල්ලෙන් පහළට වැටි අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර ඊයේ (17) දහවල් අසුපිණි ඇල්ල පාමුල බලාගාරයට ජලය සැපයෙන
තටාකය ආසන්නයෙන් හමුවී තිබේ.
 ඉකුත් 14 වෙනිදා අසුපිණි ඇලෙත් පහළට වැටී අතුරුදන් වූ අරණායක

පදිංචි ධම්මික සම්පත් කුරුවිටගේ (32) නමැති මෙම තරුණයා කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය හදාරමින්  එස්.පී.ඒ.ශ්‍රී. ලංකා ආයතනයේ රැකියාවක නියුතුව සිටි අයෙකි.
 තරුණයා වැඩිමහල් සහෝදරයෙක් සහ සොයුරියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන අතර කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ මව් විශ්‍රාමික කෘෂිකර්ම උපදේශිකාවක වන අතර පියා විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.
තරුණයාගේ මළසිරුර සෙවීම සඳහා පොලිසිය නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.