හෝමාගම මූලික රෝහලට  කිලෝමිටරයක් තිබියදී දරු ප්‍රසූතිය සඳහා අමාරුවූ මවකට 1990 සුව සැරිය ගිලන් රථය තුළදී පහසුකම් සැලසීමෙන් පසු සියලු කටයුතු සාර්ථකව නිමකරන්නට හැකිවීමේ පුවතක් පසුගියදා වාර්තා වුණා.
දරුවා බිහිකිරීමට අවශ්‍ය සියලු කටයුතු
කිරිමට ම ගිලන් රථයේ හදිසි වෛද්‍ය තාක්ෂණේ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වූ බව 1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ දිස්ත්‍රික් කළමනාකාරි ප්‍රින්සි අතුරලිය මෙනෙවිය පැවසුවාය.
පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේ පදිංචි විශ්වකුල රජිනා සදිනිද සිල්වා (29) තිදරු මවක වන අතර ඇය සිව්වන දරු ප්‍රසූතිය

සඳහා ආසන්නව සිටියාය. ඉකුත් අට වැනි දින ඇයට දරුවා ලැබීමට ආසන්න ලක්‍ෂණ පහලවීම නිසා ඇයගේ සැමියා ඇය ත්‍රිරෝද රථයකින් කොළඹ රෝහලක් කරා රැගෙන ඒමට කටයුතු කර තිබිණි.
ඒ වනවිට රාත්‍රි දහයද පසුවී තිබිණි. තම බිරිඳ ත්‍රිරෝද රථය තුළ අපහසුවෙන් පෙලන බව දැනගත් සැමියා වන සුරාජ් විජේවික්‍රම මහතා 1990 සුව සැරිය ගිලන් රථ සේවාවට ඇමතුමක් ලබාදී තම බිරිය පත්ව සිටින තත්ත්වය පවසා ඒ සඳහා ගිලන් රථයක් හැකි ඉක්මනින් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
හරියටම රාත්‍රී 10.43ට ලද දුරකථන ඇමතුමට ප්‍රතික්‍රියා දක්වමින් විනාඩි පහක පමණ කාලයක් තුළදී මීගොඩ පොලිස් භූමියේ ගාල් කර තිබූ සුව සැරය ගිලන් රථය දරු ප්‍රසූතිය සඳහා ආසන්න මව රැගෙන එන අතර ත්‍රිරෝද රථයද පෙර මගට ළඟාවී ඇත.

 එහි සේවයේ යෙදි සිටි හදිසි තාක්ෂණ නිලධාරි ඉදුනිල් සංජීව ජයසුන්දර මහතා හා ඔහුගේ කාර්ය මණ්ඩලය දරු ප්‍රසුතියට ආසන්නව සිටින මවගේ තත්ත්වය අවබෝධ කරගෙන ඇයට සහ තව විනාඩි කිහිපයකින් මොලොව එළිය දැකීමට පෙරුම් පුරමින් සිටි බිලිඳාට අවශ්‍ය පුර්ණ රැකවරණය සලසා තාක්‍ෂණික ක්‍රමවේදයක් උපයෝගී කරගෙන එම මවගේ සැමියාද ගිලන් රථයේ

නංවාගෙන දරු ප්‍රසුතිය සඳහා ඇතුළත් කිරීමට නියමිතව සිටි කොළඹ රෝහලක් කරා රියනියාමක ධනංජය හෙට්ටිආරච්චි මහතා ගිලන් රිය ධාවනය කරන්නට විය.
හෝමාගම නගරයට ආසන්න වත්ම විළි රුදාවෙන් පෙළෙන මව දරුවා බිහි කිරීමේ මුලික ලක්‍ෂණ පහළ කරන්නට වුයෙන් හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරි ඉදුනිල් සංජීව ඡයසුන්දර මහතා සිය වෛද්‍ය දැනුම අවස්ථානුකූලව මෙහෙයවමින් ගිලන් රථය වහා අයිනකට නතර කරන ලෙස දැනුම් දීමට පියවර ගත්තේය.

1990 සුව සැරිය ගිලන් රථය ගබඩා කර තිබින දරු ප්‍රසුතියක් සඳහා පරිහරණය කරන විදේශ රටකින් ආනයනය කරන ලද "ඩිලිවරි කිට්" නමින් හදුන්වන විෂ බීජ හරණය කරන ලද උපකරන කට්ටලය ගෙන සිය කාර්ය මණ්ඩලයේ පුර්ණ දායකත්වයෙන් එම මවට දරුවා බිහි කිරිමට රෝහලකින් කෙරෙන සියලුම කාරියයන් නොපිරිහෙලා ඉටු කර එම මව හා දරුවා හෝමාගම මුලික රෝහල වෙත යොමු කිරීමට පියවර ගත්තේය .
මිගොඩ පොලිස් ස්ථාන භූමියේ ගාල් කර තිබෙන එම සුව සැරිය ගිලන් රථයේ සේවය කරන පුහුණුව ලබන හදිසි තාක්‍ෂණ නිලධාරි එම්.නලින් ෂෂනා මෙනෙවිය හා රිය නියාමක ධනංජය හෙට්ටිආරච්චි මහතාද නොමද සහායක් ලබාදුන්හ.