ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව පැවැත්විමට කටයුතු යෙදුනේ, එම හමුව කෙසේ හෝ පවන්නැයි උතුරු කොරියා නායකයා කළ ආයාචනය එහි සැළකිල්ලට ගත් නිසා යැයි ට්‍රම්ප්ගේ නීතීඥ රූඩි ගියුලියානි පවසයි.
රූඩි ගියුලියානී මෙසේ කියා සිටියේ, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පැවැති සමන්ත්‍රණයකට සහභාගී වෙමිනි. එම සම්මන්ත්‍රණය පැවැත්වුයේ ඊශ්‍රායල පලස්තීන අරබුදය මුල්කොට ගනිමිනි. 74 හැවිරිදි රූඩි ගියුලියානි
දේශපාලනඥයෙකි. ඔහු ට්‍රම්ප්ගේ නීතීඥවරයා පමණක් නොව, නිව්යොන් නුවර නගරාධිපති ලෙස ද කටයුතු කළ අයෙකි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමප් දිගින් දිගටම උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ උතුරු කොරියා රජයට "පීඩනයක් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස

ට්‍රම්ප් හමුවී බේරුමක් කරගන්නවා හැර උතුරු කොරියා නායකයාට වෙන විකල්පයක් නොතිබුණු බවත් නීතීඥවරයා වැඩි දුරටත් කියා සිටීයේය.
කිම් ජොන් උන් දණ ගැස්සීමට ජනාධිපති ට්‍රම්ප් සමත් වූ  අයුරින්, පලස්තීනය දණ ගැස්වීමට ට්‍රම්ප් සමත් වනු ඇති බවත්, ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය වෙනුවෙන් ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනාව පිළිගන්නවා හැර පලස්තීනයට වෙන විකල්පයක් නොමැති බවත් රූඩි ගිලියානී දුන්නේය.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවන සාම සමුළුව ලබන 12 වැනිදා, සිංගප්පුරුවේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානමින් පවතී. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් පසුගිය වසරේ මුල් මාස කිහිපයේදී එකිනෙකාට බැණ ගත්හ. තර්ජනය කර ගත්හ.
ඇමෙරිකාවට පහරදීමට හැකි බැලැස්ටික් මිසයිල තමන් සතුව ඇති බව උතුරු කොරියාව තර්ජනය කළේය. තව තවත් මිසයිල අත්හදා බැලීම් සිදු කළේය. ඇමෙරිකාවට අයත් චීන මුහුදේ දූපතකට පහර දෙන බවට ද අනතුරු ඇඟවීය. එම තර්ජනවලට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියා නායකයා හැඳින්වූයේ 'රොකට් මිනිසා' යනුවෙනි. ට්‍රම්ප් උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සම්බන්දයෙන් එරටට නව සම්බාධක පැනැවීය. එපමණක් නොව, උතුරු කොරියාවට මිතුරකු වී සිටින චීනය ලවා උතුර
කොරියාවට සම්බාධක පැනැවීමට ද පියවර ගත්තේය. මෙය උතුරු කොරියාවට එල්ල වුණු අතුල් පහරක් විය.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සිය ආකල්ප වෙනස් කරමින් සාම මාවතට පිවිසීමට මෙය එක් හේතුවක් විය. දකුණු කොරියාව ද උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගන්නන්ය. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුවට මග පාදාම දීමට දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන්ගෙන් ද විශාල සහයෝගයක් ලැබුණි.