ඊයේ පැල්මඩුල්ල ප්‍රදේශයේදී බස් රථයක ගමන් කරමින් සිටියදී ටිපර් රථයක ගැටී දකුණු අත සිරුරෙන් වෙන්වූ සිසුවාගේ අත බද්ධ කිරීමේ සැත්කමක් කොළඹ ජාතික රෝහලේදී සිදු කරන ලද අතර අද උදෑසන
වාර්තා වූයේ

එම සැත්කම අසාර්ථක වී ඇති බවයි.
බස් රථයක ජනේලයකින් අත ඉවතට දමාගෙනයද්දී  පැල්මඩුල්ල සන්නස්ගම ප‍්‍රදේශයේදී ඔහුගේ අත ආසන්නයේ ගමන් කළ ටිපර් රථයක ගැටී ඇදි ගොස් වෙන්ව තිබූ අතර එම අත් කොටස සමග පළමුව රත්නපුර රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබාදී  ඔහු පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍ය කර්මය සිදු කර තිබුනි.
සිරුරෙන් වෙන් වූ අතට දැඩි ලෙස හානි සිදුව තිබීමත් පැය 5 ක් පමණ ප්‍රමාදයක් නිසා අතේ සජීවී ගුණය අහිමිව යාමත් නිසා ශල්‍යකර්මය අසාර්ථක වූ බව රෝහල් ආරංචි මාර්ග හෙළි කරන ලදි.
 23 හැවිරිදි වියේ පසුවන අගලවත්ත පදිංචි  සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉසුරු සඳරුවන් නමැති සිසුවා මෙම අනතුරට ලක්වූයේය. අනතුරින් දකුනු අත අහිමි කරගත් ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.