සුගිය පුංචි ඡන්දයෙන් පසු තාවකාලිකව කල් දමන ලද උසස් පෙළ සිසු සිසුවියන්ට ටැබ් පරිගණක දීම ස්ථීර වශයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් නැවත මතු කළ අතර මෙම ව්‍යාපෘතිය නියමූ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි පසුගිය අඟහරුවාදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වී තිබේ.
උසස් පෙළ සිසුනට ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු රජයේ මැතිවරණ ප්‍රතිඥාවක් ද විය.
 ව්‍යාපෘතිය පිළිබඳවඅධ්‍යයනය කිරීම සඳහා විශේෂඥයන් හය දෙනකුගෙන් යුත් කමිටුවක් ද පත් කර ඇත.
ටැබ් පරිගණක දීමේ වැඩපිළිවෙළ සඳහා වාර්ෂිකව මිලියන 5,000ක් වැය

කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා දැඩිව පවසා තිබේ.
ඊට අමතරව මෙම ටැබ් පරිගණක දීමෙන් පාසල් සිසුන් එය වැරැදි ආකාරයට භාවිත කිරීමේ සම්භාවිතාව වැඩි බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ඒ අවස්ථාවේ අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා පවසා ඇත්තේ මැතිවරණ පොරොන්දුවක් නිසා එය අනිවාර්යයෙන්ම ඉෂ්ට කළ යුතු බවයි.
එසේ නොමැති වුණොත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් එය දේශපාලන සටන් පාඨයක් බවට පත්කර ගැනීම නතර කළ නොහැකි බවද ඇමැතිවරයා පවසා තිබේ.
මේ තත්ත්වය මත අදාළ ව්‍යාපෘතිය සඳහා අවසර දීම නැවතත් කල් දැමීමට කැබිනට් හමුව තීරණය කර ඇත.