එළැඹෙන පස්වැනි දිනයේදී ඩීසල් හා සෑම මාස තුනකටම වරක් ප්‍රෙට්‍රල් මිල යාවත්කාලින කිරිමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



ඉන්ධන මිල යාවත්කාලීන කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටත් නියමිතය. ඉන්ධන මිල සඳහා පිරිවැය සාධක කරගත් මිල සූත්‍රයක් හඳුන්වාදුන් අතර 2018 මැයි මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම සූත්‍රය ක්‍රියාත්මක වෙයි.

පෙර මාස දෙකේ ඉන්ධන මිල ගණන් පදනම් කරගනිමින් තෙවැනි මාසයේ පස්වැනි දිනට ඉන්ධන මිල යාවත්කාලීන වෙයි