කොන්ක්‍රීට් විදුලි කණු නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගළක් නිර්මාණය කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලයේ, හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි ඉංජිනේරු නිමල් සමරකොන් මහතා
සම්ත්ව තිබේ.

කොන්ක්‍රිට් විදුලි කණුවක නැගීම සදහා ඉණිමඟක් භාවිතා කිරිම අනිවාර්ය වේ. නමුත් මෙම පාවහන් යුගළ භාවිතා කරමින් වෙනත් පුද්ලයෙකුගේ අධාරයක් නොමැතිව කිසිදු අණාරක්ෂිත බවකින් තොරව කොන්ක්‍රීට් කණුව තරණය කිරිමටත් පහසුවෙන් අදාළ කාර්යේ නිරතවීමේ හැකියාවක් ඇත. එමෙන්ම විදුලි බිඳ වැටිමකදී හෝ නව සම්බන්ධතාවයක් ලබාදිමට විදුලි කණුවක නැගීම සදහා ඉණිමඟක් ගෙනයාමට අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අවශ්‍ය වන අතර ලොරි රථයක්ද අවශ්‍ය වේ. නමුත් මෙම පාවහන් යුගළ සහිතව එක් පුද්ගලයෙක් පමණක් ප්‍රමාණවත් වන අතර වාහනයකට ළඟාවිය නොහැකි ස්ථානයකදීත්, එමෙන්ම අපහසු කඳු මුදුණකදී වුවත් පහසුවෙන් අවශ්‍ය සේවය ලබා ගැනිම සදහා රැගෙන යා හැකි බව පාවහන් යුගළ නිර්මාණය කළ  නිමල් සමරකෝන් මහතා පවසයි.
ඉතා සුළු මුදලක් වැය කරමින් නිර්මාණය කළ මෙම නව පාවහන් යුගළ සඳහා ප්‍රේටන් බලපත්‍රය ලබා ගැනීම සදහා කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)