ජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අලුතින් සකස් කරන ලද කොළඔ නගරයේ සිතියම, නාරාහේපිට මිනින්දොරු දෙපාර්තමේන්තුවේ දී ඊයේ (31)පැවැති උත්සවයක දි
මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා විසින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන් කරුණාතිලක මහතා වෙත බාරදෙන ලැබීය.

මෙම සිතියමේ නව හැඩය අනුව කොළඹ පිහිටි වරාය නගරයද සිතියමට නගා තිබෙන අතර එය ඔටුනු හැඩයකින් දිස්වේ.
කොළඔ වරාය නගරය මෙන්ම අධිවේගී මාර්ගෙ ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ද නව සිතියමට ඇතුළු කර ඇත.
අලුත් වෙනස්කම් සහිතව ශ්‍රී ලංකාවේ නව සිතියම සකස් කිරීම 2015දී ආරම්භ කර තිබෙන අතර එහි කොටස් 92න් 72ක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත් තවත් කොටස් 20ක දැන් නිම කෙරෙමින් පවතින බවත් මෙම උත්සවයේදී ප්‍රකාශ වූ අතර අතර මේ වසර අග භාගයේදී සම්පූර්ණ නව ශ්‍රී ලංකා  සිතියම නිකුත් කළ හැකි වනු ඇතැයි ප්‍රකාශ විය.