කළුතර පොසොන් කලාපයේ පොසොන් බැති ගී ගයමින් සිටි පාසල් සිසුවියන් පිරිසක්‌ විදුලි සර වැදීම නිසා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.

 කළුතර

මැද පාරේ තිබූ වේදිකාව මත බැති ගී ගයමින් සිටියදී පෙරේදා (27දා) රාත්‍රී 8.30 ට පමණ එම අනතුර සිදුවී ඇති අතර සිසුවියන් හයදෙනකු පමණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට සහ වාට්‌ටු කීපයකට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

 එම පොසොන් කලාපය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් විවෘත වූයේ පෙරේදා රාත්‍රී 7.30 ට පමණය.

 මෙය සුළු විදුලි කාන්දුවක්‌ නිසා සිදුවූවක්‌ බව පෙනී යන බවත් කිසිවෙකුත් අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන බවත් දකුණු කළුතර පොලිසියේ ප්‍රකාශකයෙක්‌ කීය.