බොලිවුඩයේ බොහෝ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කරනවාත් සමග එහි සිටින ප්‍රධාන නළු නිළියන් සම්බන්ධ
කුමක් හෝ ආන්දෝලනයක්

ඇතිකර මාධ්‍ය අවධානය යොමුකරගන්නට එම චිත්‍රපට නිර්මාණ කණ්ඩායම් කටයුතු කරති. එයට හේතුවන්නේ ඒ සමග එම චිත්‍රපටය ගැන තොරතුරුද ප්‍රසිද්ධ කළ හැකි නිසාය.
ජැක්ලින් ෆර්ඩිනැන්ඩිස් හා සල්මන් කාන් රගන අලුත්ම චිත්‍රපටය වන ‘රේස් 3‘ චිත්‍රපටය පසුගියදා තිරගතවීම ඇරඹුණු පසු ද එවැන්නක් සිදුකිරීමේ උත්සාහයක් ගැන බොලිවුඩයේ මාධ්‍ය තුළින් වාර්තාවේ.
ජැක්ලින් සාදයක් නිමවා සිය මෝටර් රථයෙන් ගමන් ගනිද්දී බීමතින් පැදවූ ත්‍රීවීලරයක හැපුණ බව ඒ අනුව පතුරා තිබෙන ආරංචියකි. මෙම අනතුරින් කිසිවෙකුට තුවාල නැති බවත් වාහනයේ හෙඩ් ලයිට් එක පමණක් කඩතොලුවූ බවද එහි දැක්වේ.