කතරගම නගරයේ සිගාකමින් සිටි පනස් දෙහැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව
කතරගම පොලිසිය පැවසීය.


නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බව කියන මෙම කාන්තාව කතරගම නගරයේ සිගාකමින් සිටින විට කතරගම පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඇය අත්අඩංගුවට පත්ව ඇත. මෙම කාන්තාව සමග තවත් කණ්ඩායමක් පැමිණ එක් එක් ප්‍රදේශවලට බෙදී ගොස් ඔවුන්ට මෙසේ සිගාකමින් සිටින බවට පොලිසිය සැකකරයි.