http://www.gossiplankanews.com/2018/06/chandimal-speaks.html
ධික වියදමක් දරා උපන්දින උත්සවයක් පැවැත්වීම නිසා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්ව තිබෙන ප්‍රකට හැඩගැන්වීමේ ශිල්පී චන්දිමාල් ජයසිංහ ඔහු ගැන පැතිර තිබෙන කතා සම්බන්ධයෙන්
පිළිතුරු දී තිබේ. ඒ පහත පරිදිය.
චන්දිමාල් ජයසිංහ කියන්නේ කවුද?

චන්දිමාල් ජයසිංහ කියන්නේ රූපලාවන්‍ය ශිල්පියෙක්.  සමාන්‍ය මනුස්සයෙක්.

ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

 ක්ෂේත්‍රයට එන්නේ අහම්බයක් ලෙස එ කියන්නේ මම පාසල් අධ්‍යාපනය අවසන් කරාට පස්සේ මොකද්ද කරන්නේ කියලා ඉන්න තැනේදී අහම්බයක් වශයෙන් තමා රූපලාවන්‍ය වෘත්තීය තෝරගන්නේ. ඉතිං සතුටු වෙනවා ඒ තීරණය ගැන.අද මම ඒ නිසා සාර්ථක වෙලා තියනවා. ලංකාවේ මට පුලුවන් උපරිම දුර ගිහින් තියනවා. පුළුවන් උපරිමේටම ගිහිල්ලා හොඳ ස්ථාවරයක ඉන්නවා.

ඒ අහඹු සිදුවීම විස්තර කරොත්?
  
 ඔව්..අහම්බෙකින් කියලා කියන්නේ මගේ මං හිතන්නේ අක්කාගේ විවාහ උත්සවය පැවැත් වූණා ඉතිං ඒ දවසේ මට පොඩි අසාවක් ඇති වුනා. ඒ දේ දැකලා ඒ දේ කරන්න ඕනේ කියන තැන ඉතිං මං හිතන්නේ එදායින් පස්සේ මම ඒ පිළිබඳ වැඩිදුර හැදාරලා පිටරට වල ගිහින් ඉගෙන ගෙන ඒ වගේ මට කරන්න පුළුවන් දේ මං හරියට කරන්න පටන් ගන්න ඕනේ කියන එක එදායින් පස්සේ  ඒ තීරණේ හිටියා. හරියටම මම හිතන්නේ 2006 වර්ෂයේ වගේ.

අද රටම කතා කරන්නේ ඔබගේ Birthday Party එක ගැන, උපන්දිනයට මේ වගේ party එකක් දාන්න හිතුවේ ඇයි?

ඔව් ඒ කියන්නේ මගේ මේක පළවෙනි  පාර්ටී එක නෙවෙයි. මීට කලින් මම පාර්ටී දෙකක් විතර කරලා තිබුනා. ඉතිං පළවෙනි එක වගේම දෙවනි එක වගේම ඉතිං එක දවසින් දවස Improve උනා. ඉතිං එක මං හිතුවේ නැහැ ලංකාවම කතා කරන එකක් බවට පත් වෙයි තියලා . එහෙම කියලා කවදාක්වත් Hit වෙන්න කියලා හිතාගෙන ජනප්‍රිය වෙන්න හිතාගෙන Birthday එකක් කරේ නෑ.

ඉතිං..මේක මගේ සතුට මොකද මම ගොඩක් කර්යබහුලයි.තුන්සිය හැටපස් දවසේම මන් හිතන්නේ දවස් හැට පහක් වගේ තමයි මම නිදාගෙන ඉන්නේ.ඉතිං හුඟක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්  ඉතිං මට හුඟක් අවස්ථාවන් මඟ ඇරෙනවා.මගේ යළුවන්ගේ party,event ඒ හුඟක් දේවල් කර්යබහුලත්වය නිසා මඟ ඇරෙනවා. ඉතිං අ..ඒ හැමෝම එක්කම සතුටු වෙන්න මටත් දවසක් ඕන නිසා බෝහෝම අහිංසකව කරන්න හිතුවේ. ඉතිං එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නේ.

Birthday Party එකට වියදම් කරපු මුදල් ගැන කිව්වොත්?

මම හිතන්නේ එකට මම උත්තර දෙන්න ඕනේ නෑ. (සිනාසී) ඉතිං.. ඕන කෙනෙක්ට අයිතිය තියනවා. එගොල්ලෝම තමයි එකට ලක්ෂයක් කෝටි හතරක්,පහක් ඉතිං මන් හිතන්නේ මට හිතගන්නවත් බැරි Budject ඒ ගොල්ලොම හදාගෙන තියනවා.ඉතිං ඒක එගොල්ලොන්ට හදාගන්න කියනවා. මොකද වියදම් කරපු ප්‍රමාණය දන්නේ මම අ..එහෙම මං කටවත් උත්තර දෙන්න ඕනේ නෑ. මොකද මම දුක් මහන්සි වෙලා හම්බකරපු සල්ලි ඉතිං එක මං හිතනවා මට නිදහස තියනවා ඒක ඕන විදියට වියදම් කරන්න.


විශාල මුදලක් වියදම් කරලා Birthday Party එකක් ගන්න චන්දිමාල් ජයසිංහට සල්ලි කොහෙන්ද?

මේච්චර සල්ලි  මේක මගේ අම්මාගේ තාත්තාගේ සල්ලි නෙවේ. ඉතිං.. මම අවුරුදු 18 පුරා හුඟක් දුක් මහන්සි වෙලා අ..පුංචි තැන රුපියල් 5000 ඉදලා මගේ රස්සාව පටන් ගෙන හැමෝම දන්නවා මන් ගැන දන්න අය දන්නවා මගේ දෙමාව්පියෝ,නැදෑයෝ,මගේ සහෝදරයෝ දන්නවා මම මොනද කරේ මම කොයි වගේ කෙනෙක්ද මම කොහොමද හම්බු කරේ කියන එක. ඉතිං අවුරුදු 18ක් පුරා හුඟාක් දුක් මහනිසි වෙලා හම්බු කරපු දෙවල් වලින් තමයි මම මේ දේවල් කරේ. ඉතිං අ.. ඒ ගැන මම හිතන්නේ ගොඩක් අයට ප්‍රශ්කයක් වෙලා තියනවා. ඉතිං එක ලංකාවේ හැටි. ඉතිං මම ඒවාට සැලෙන්නේ නැහැ. ඉතිං මට මෙතනින් එහාටත් කරන්න පුළුවන් දේවල් මම ඉදිරියටත් කරනවා.

Party එකට කී දෙනෙකුට ආරාධනා කළාද?

 මම මේ party යට ඇත්තටම මුලින්ම..600කට තමයි ආරාධනා කරේ. හැබැයි දිනෙන් දින දිනෙන් දින මම හිතන්නේ මේකට හම්බ වුන ජනප්‍රියත්වයත් එක්ක අ.. 710 ක ප්‍රමාණයක් වගේ අන්තිම දවස වෙනකොට සහභාගී වෙලා හිටියා. ඒ වගේම මේ වේලාවේ කියන්න ඕනේ මාධ්‍ය ඒ හැමෝම එන්න ආසවෙන් ඇවිල්ලා හිටියා.  අපි පාසස් 80ක් විතර  Issue කරලා තිබුනේ. ඉතිං ඒ හැමෝම බොහෝම අසාවෙන් ඇවිල්ලා මේ හැමදේම Cover කරා. ඉතිං.. මම හිතන්නේ 800ක් වගේ ප්‍රමාණයක් එදා දවසේ සම්බන්ධ වුනා.


Party එකේ අමුත්තන්ට තරඟ තියලා ජයග්‍රාහකයන්ට තෑගිත් දුන්නා නේද?

.මම මෙහෙමයි දැන් party එකක වෙන්නේ එන කෙනාට තෑගි දෙන එක. ඉතිං මම කවදාවත් කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් දෙමාව්පියන්ගෙන්වත් බලාපොරොත්තු නොවුණු කෙනෙක්. ඉතිං ඒ නිසා මේ එන අයගෙනුත් මට හිතුනා මම එහෙම දෙකට නෙමේ මේ දේ කරන්නේ මොකද මට ඕන වුනා සතුටු වෙන්න සහා ඒ හැමෝම එතකොට තරඟයක් ඇති වෙනවා. එහෙම වුනාම හැමෝම ලස්සනට ඒ දේට සහභාගී වෙනවා. මම හිතන්නේ මම හිතපු දේ අතිසාර්ථක වුනා. ඒ හැමෝම ලස්සනට ඇවිල්ලා හිටියා. ඉතිං ඒ අයට ඒ ආපු ගරුත්වයට සැලකුවා කෘතගුණ සැලකීමක් තමයි මම ඒ ආපු හැමෝටම තෑගි දුන්නේ.


අමුත්තන් වෙනුවෙන් "නෝටි ක්වීන්" වගේ තරඟ සංවිධානය කරලා තිබුණා. ඒකත් ඔබගේ අදහසක්ද?


ඔව්. ඒක..විශේෂයෙන් කියන්න ඕනේ මගේ අදහසක් නෙමෙයි. ඒ මම ඇත්තටම මේ වගේ ලොකු event එකක් මට තනියම කරන්න බෑ.ඉතිං මේ හැමදේම කරේ ජනක.ඉතිං  event planer විදියට හිටියේ කසුන්.එගෙල්ලෝ තමයි ඒ දේ කිව්වේ.විශේෂයෙන් අපි හිතුවේ නෑ ඒ දේවල් මෙහෙම මෙවා වෙයි කතා බහට ලක් වෙයි ඉතිං අපි හිතුවේ එන අයට සතුටු වෙන්න සහ විශේෂ දෙයක් කරන්න ඕන හින්දා එගොල්ලෝ ඒ විදියට Plan කරලා තිබ්බා.ඉතිං මම ඒ දේ ok කරා.

Party එකට මේ තරම් කලාකරුවො සහභාගී වුනේ හිතවත්කමටද?

ඔව්.අනිවාර්යෙන්ම මම විශේෂයෙන් කියන්න ඕනේ  චන්දිමාල් ජයසිංහ කියන්නේ කලාකරුවෝ හින්දා එගොල්ලන්ගේ මුණවල් හින්දා අද මෙතන ඉන්න කෙනෙක්.ඉතිං හැමෝම කියනවා ඇයි කලාකරයන්ට ක්ෂේත්‍රයේ එහෙම මෙහෙම කියන්නේ මොකද මම මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය සහ මගේ ජිවිතයට අත දුන්නානන් ඒ දුන්නේ කලාකරුවන්. ඉතිං ඒ හැමෝම මට හුඟක් මට අමතක කරන්න බැහැ.මොකද එගොල්ලෝ නිසායි අද මම මෙතන ඉන්නේ.

මේ වෙනකොට කලාකරුවෝ කී දෙනෙක් ඔබේ අතින් හැඩ වෙලා තියනවාද?

 මම හිතන්නේ Artist ලාගේ Wedding 30ක් විතර මම කරලා තියනවා.


එයට අමතරව ඔවුන්ගේ පෞද්ගලික රූපලාවන්‍ය වැඩත් කරනවාද?

ඔව්. අනිවාර්යෙන් ඒ කාලේ නම් මම ඒ හැමෝගේම පෞද්ගලිකව හැමදේම කරා. ඉතිං දැන් මේ වෙද්දී මම ගොඩක් කාර්යබහුලයි.අ..ඉතිං ඒ නිසා මට ඒ අය හැමෝම miss වෙනවා. එත් මේ වෙද්දීත් මට පුළුවන් අවස්ථාවක් ලැබුනොත් මම බොහෝම සතුටින් එගොල්ලොන්ව හැඩ ගන්වනවා.

එවැනි සේවයකට ඔබ අය කරන මුදල ගැන කිව්වොත්?
   
අය කරන මුදල මම ඇත්තටම කියන්න ඕනේ මම කලාකරුවන්ගෙන් කවදක්වත් මුදල් අය කරන්නේ නෑ. සහෝදරත්වයෙන් සහ හිතවත්කමින්  මම ඒ දේවල් කරන්නේ. ඉතිං මගේ රස්සාවට මම නියම මිලක් පනවගෙන තියනවා සහ මගේ රස්සාවට වටිනකමක් දීලා තියනවා.ඉතිං ඒ වටිනකම දන්න අය මගේ ළඟට එනවා. ඉතිං ඒක මගේ දෙයක්

කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සහ ඔබ අතර සමීප සම්බන්ධයක් පවතිනවා..?

ඔව්. රෝසි සේනානායක මහත්මිය කියන්නේ මගේ අම්මාට පස්සේ ඉන්න කෙනා. මොකද මම මේ ක්ෂේත්‍රයට එන්නේ Dancing Star හරහා ඉතිං එතනදී රෝසි සේනානායක මහත්මිය මට හම්බ වෙනවා. එතුමිය මට හුඟක් උදව් කරනවා ජිවිතේ දැකලා නැති දේවල් මට ජිවිතේ හම්බෙලා නැති දේවල් එතුමිය මට ලබා දෙනවා. ඉතිං මම දේශපාලනය කරා නම් එතුමියට පෞද්ගලිකව උදව් කිරීමක් හැරෙන්න මම කිසිදු පක්ෂයකට හෝ කිසිම දේකට දේශපාලනය ගාව ගන්න කෙනෙක් නෙමෙයි. මොකද මම මගේ උපන්දිනේට වුනත් කිසිම දේශපාලනඥයකුට අරාධනයක් කරේ නෑ මොකද මං දන්නවා එගොල්ලෝ ආවොත් මගේ Party යේ තියෙන සමහර දේවල් මට control කරගන්න වෙනවා. ඉතිං හැමෝම එක්ක මම හොඳින් ඉන්න කෙනෙක්. හැමෝම එක්ක වැඩ කරන කෙනෙක්.

දේශපාලනයට එන්නත් ඔබට අදහසක් තියනවාද?

දැන්ම නැහැ. හැබැයි කවදාහරි දවසක මේ  ක්ෂේත්‍ර‍යෙන් අයින් වුනු දවසක. මොකද ඒක මට හැමෝම කියන දෙයක් හුඟක් ආරාධනා ලැබිලා තියනවා. ඉතිං කවදාහරි දවසක මේ දේවල් වලින් අයින් වුන  දවසක මං හිතනවා දේශපාලනය කියන්නේ බොහෝම බැරැරුම් දෙයක්.ඉතිං තාම මට ඒ දේට ශක්තියක් වෙනන් ඒ දේ වෙනුවෙන්  කැපවෙනන් වෙලාවක් නෑ.


චන්දිමාල් ජයසිංහ සල්ලි වියදම් කරන්නේ party දාන්න විතරද?

නෑ..මම party වලට විතරක් නෙමේ මම විශේෂයෙන් කියන්න ඕනේ මම කවදාක්වත් ජිවිතේ මං හිතපු දෙයක් තමයි කෙනෙක්ගේ සතුට ලෝකයට පෙන්නවා මිසක් කෙනෙක්ට බත් පැකට් එකක් දීලා ෆෙස්බුක් වල photo දාලා කෙනෙක්ට යම්කිසි මුදලක් දීලා ෆෙස්බුක් දාලා මනුස්සයාන්ගේ දුක market කරන්න දුක විකුණගෙන පොරක් වෙන්න චන්දිමාල් ජයසිංහට ඕනකමක් තිබුණේ නෑ. ඉතිං මටත් පුළුවන්කමක් තිබුනා මගේ salon එකට ගංවතුර ආධාර ගෙනත් දෙන්න කියලා මුළු ලෝකයේ ලංකාවේ ඉන්න හැමෝටම කරදර කරලා  එහෙම ගෙන්නගෙන ලෝකෙටම බෙදන්න අ... ඉතිං මම එහෙම කරන කෙනෙක් නෙමෙයි පෞද්ගලිකව මගේ අම්මත් එක්ක එකතුවෙලා මට  කරන්න පුළුවන් පිංකම් මම හිතන්නේ රූපලාවන්‍ය ශිලිපියෙක් විදියට මම තරම් පිං කරපු රූපලාවන්‍ය ශිල්පියෙක් නෑ..ඉතිං ඒක දන්න අය දන්නවා.මම කියන්නේ මම මෙතනින් එහාට පිං දහම් කරත් කරන්නේ පෞද්ගලිකව කිසිම දෙයක් ෆෙස්බුක් දාලා ලෝකේට පෙන්නන්නේ නැහැ කියන එක කියනවා.. 

http://www.gallery.gossiplankanews.com/birthday/chandimal-jayasinghe-birthday-2018.html
Pix By -Indika Prabath Weerasinghe & Suren Abeysundara