පෞද්ගලික අංශයේ ස්ත්‍රී සේවකයකුට දරු ප්‍රසූතියේදී සජීවී දරුවකු බිහිවුවහොත් එම දරු ප්‍රසූතිය සිදුවූ දින සිට දින 70ක කාලසීමාවක් සඳහාත් එම දරු ප්‍රසූතියෙන් දරුවකු බිහි නොවූවත් එම දරු ප්‍රසූතිය සිදුවූ දින සිට දින 28ක කාලසීමාවක් සඳහා වන නිවාඩුවකට හිමිකම් ලබාදීමට සූතිකාධාර සංශෝධන පනත් කෙටුමීපත් මගින් රජය සූදානම් වේ.
 ගැහැනු සේවකයෙකුට ප්‍රසුතියෙන් සජීවී දරුවකු බිහිවුවහොත් ප්‍රසූත දිනයද ඇතුළුව ඒ දිනය දක්වා සති
දෙකක්ද ඒ දිනයෙන් පසු

සති 50ක්ද යන ආකාරයෙන් සති 12ක් හා ප්‍රසූතියෙන් සජීවි දරුවකු බිහි නොවූවහොත් ප්‍රසූති දිනයද ඇතුළුව ඒ දිනය දක්වා සති දෙකක් සහ ඒ දිනයෙන් පසු සති 4ක්ද යන ආකාරයෙන් සති 6ක් සූතිකාධාර ලබාදීමට කාර්යාලීය සේකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ ( සංශෝධන) සහ සූතිකාධාර සංශෝධන පනත් කෙටුමීපත් මඟින් ඉඩ සැලසීමට සූදානම් කර තිබේ.
සූතිකාධාර ගෙවනු ලෑබීම සඳහා හිමිකම් දරන කාලසීමාව තීරණය කිරීමේ කාර්ය සඳහා ඇය විසින් සිය ප්‍රසූතියෙන් සජීවී දරුවකු බිහි වූයේද නැද්ද යන්න තම සේවා යෝජකයාට දැනුම් දිය යුතු බවද පනතෙහි සඳහන් වේ.
සූතිය සිදුකළ ගැහැනු සේවකයෙකු විසින් එම දරු ප්‍රසූතිය සම්බන්ධව නිවාඩු ගණනය කර ගැනීම සඳහා එම ප්‍රසූතිය සිදුවූ දිනය සම්බන්ධයෙන් සේවා යෝජකයාට දැනුම් දිය යුතු බවද පනතෙහි සඳහන් වෙයි. මෙම සූතිකාධාර ගෙවනු ලැබීමට හිමිකම් ලබන කාලසීමාව ඇය හිමිකම් දරන පොදු නිවාඩුවලට
හෝ ලබා ගන්නා නිවාඩුවලට අතිරේකව විය යුතු යන වගන්තියද පනතට ඇතුළත් කර ඇත.
ගැහැනු සේවකයෙකු විසින් එකම ප්‍රසූතිය සම්බන්ධයෙන් එක් සේවා යෝජකයෙකුට වඩා වැඩි සේවා යෝජකයන් ගණනකින් සූතිකාධාර ඉල්ලීම නොකළ යුතු බවටද පනත මඟින් විධිවිධාන සලසා ඇත.