http://www.gossiplankanews.com/2018/05/vishaka-principal-exposed.html
කොළඹ බම්බලපිටියේ විශාඛා බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට මේ වසරේ ළමුන් ඇතුළත් කිරීමේදි සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාව‍ගැන කරුණු විමර්ශනය කළ අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොළ
ඇතුළු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ පස් දෙනෙකුට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.
මේ අක්‍රමිකතාව පිළිබඳව තොරතුරු හෙළිවී ඇත්තේ දිවයිනේ ජනප්‍රිය පාසල් වලට ළමයින් ඇතුළත් කිරීමේදී සිදුවන්නේ යැයි කියන දුෂණ හා අක්‍රමිකතා

පිළිබඳව කරුණු සොයා බැලීමට අධ්‍යාපන ඇමති යටතේ ක්‍රියාත්මක කෙරුණු රහසිගත විමර්ශනයකදීය.

විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කෙරුණු විද්‍යාලයීය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සෙසු පිරිසට ගුරුවරයකු , ආදි ශිෂ්‍ය සංගමයේ දෙදෙනකු පාසල් සංවර්ධන සමිතියේ නිලධාරියකුද ඇතුළත් ව ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අනධ්‍යයන සේවකයන් දෙදෙනාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින්ගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදීම හා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ යැයිද එම ආරංචි මාර්ග කියයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින්ගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදීමේ චෝදනාවට ලක්වු සේවකයාගේ වැඩ තහනම් කර විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමටත් ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාවට ලක්වු සේවකයා වෙනත් පාසලකට මාරු කිරීමටත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.