අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන අය උදර්පන නීතිය  අනුව ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු අදාළ ආයතන විසින් මේ දක්වා සිදු කර නොමැති බව වාර්තා වේ

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව උදයංග වීරතුංගගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයේ ප්‍රධාන සැකකරු ලෙස අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණයෙන් අවස්ථා තුනකදී වරෙන්තු

නිකුත් කර තිබේ.

මේ වන විට විරතුංග  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආගමන විගමන නිලධාරින් භාරයේ සිටින අතර මහේන්ද්‍රන්  සිංගප්පූරුවේ ජීවත් වෙයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් විරතුංග මහතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරික්ෂණයකටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන විමර්ශනයකට අර්ජුන  මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා දෙන ලෙස අදාළ ආයතන දෙක විසින් අධිකරණ අමාත්‍යාංශයට දැන්විය යුතුය.
මෙම දෙන්නා දේශපාලන කණ්ඩායම් දෙකක් හා සම්බන්ධ නිසා දෙපැත්තම තම තමාගේ අය බේරාගෙන හසුවීම නිෂ්ක්‍රීය කරගෙන ඇතැයි වාර්තාවේ.