ම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ නාට්‍ය පුහුණුවීමක් අතර වේදිකාවෙන් බිමට ඇද වැටී අවාසනාවන්ත ලෙස තරුණියක මියයාමේ සිද්ධියක් පසුගිය සතියේ වාර්තාවී තිබේ.
තිළිණි නිරාෂා ප්‍රනාන්දු නමැති 26 වියැති මෙම මියගිය තරුණිය එම නාට්‍යයේ ඇඳුම් නිර්මාණයටද දායකව සිටි අතර ඇය එම කණ්ඩායම සමග එකට වැඩ කරමින් ව්‍යායාම පුහුණු
කටයුතු සඳහාද එක්ව ඇත්තේ ආදි සිසුන්ගේ ආරාධනයෙනි.
ඇය මියගොස් ඇත්තේ නාට්‍ය පුහුණුවට පෙර සූදානම් ලෙස කණ්ඩායම් හැඟීම වැඩවීම වෙනුවෙන් එම පුහුණුකරු ලබාදුන් අවදානම් ක්‍රියාකාරකමක් වැරදී යාමෙනි.
නායකත්ව පුහුණු වැඩමුළුවලදීද

බොහෝ අවස්ථාවල මෙම අවදානම් ක්‍රියාව සිදු කරන අතර එහිදී එක්වරම වේදිකාවෙන් හිතාමතා පසුපසට පනින්නට එක් එක් අයට අවස්ථාව ලබාදෙන අතර එසේ පනින වෙලාවේ අන් අය සූදානම්ව සිට එක්වී වැටෙන්නට නොදී අල්ලාගෙන බේරාගැනීම මගින් කණ්ඩායම් හැඟීම සහ කණ්ඩායමේ අනෙක් පිරිස කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම සිදුකෙරෙයි.

මෙම ක්‍රියාකාරකමට කැමැත්තෙන් දායකවූ මියගිය තරුණිය සිද්ධිය වූ අවස්ථාවේ පුහුණුකරු විධානය දෙන්නට පෙරම වේදිකාවෙන් පැන තිබේ. උස් ස්ථානයක සිට පිටුපසට වැටුණ ඇය අනපේක්ෂිත ලෙස සංඥාවට පෙර එය සිදු කළ නිසා අල්ලාගන්නට සූදානමින් වෙමින් සිටි සිසුන් තිදෙනෙකු සහ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට ඇයව අල්ලාගන්නට බැරිව තිබේ.

‘සිග්නල් එක දුන්නාම තමා හැමෝම පැන්නේ.

එයා ඊට කලින් පැන්නා. කවුරුවත් හිතුවෙ නෑ එහෙම කරාවි කියල.ඒ නිසා අල්ලගන්න බැරිව ගියා.‘ පුහුණුකරු පොලිසියට පවසා තිබේ.
මෙම අවස්ථාවේ වේදිකාවේ පසුපසට වැටුණ ඇයට අපහසුතා ඇතිවූ අතර අභ්‍යන්තර තුවාල සිදුවීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව ඇත.
කොළඹ ජාතික රෝහලට ඇයව යොමු කළද ඇය පසුව මියගොස් තිබේ.
මෙලෙස මියගියේ වෙන්නප්පුව හලාවත පාරේ පදිංචිව සිටි තිළිණි නිරාෂා ප්‍රනාන්දු නමැති 26 වියැති තරුණියයි. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා සිදුකෙරිණි.