http://www.gossiplankanews.com/2018/05/srimali-fonseka-ms-international-world-classic-2018.html
මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණියක බවට පත් ශ්‍රීමාලී ෆොන්සේකා පසුගියදා ඇමරිකාවේ ෆ්ලොරිඩාහි පැවති මිසිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් නමැති රූපරැජිණ තරගාවලියේ විවාහකයින් සඳහා වූ ක්ලැසික් අංශය ජයගෙන එහි කිරුළ හිමි කරගැනීමට සමත්වූවාය.
එම තරගාවලිය සංවිධානය කරන
ඇමරිකාවේ මිසිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ්

සංවිධානය වාර්ෂිකව ලොව පුරා රූප සුන්දරියන් හා නිරූපිකාවන් තෝරන තරග 30 ක් පමණ සංවිධානය කරන අතර එම වෙබ් අඩවියේ දැක්වෙන පරිදි මෙම තරගාවලී මුදල් ගෙවා අයදුම් කරන අයට විවෘතය.
පසුගියදා පැවතියේ මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් හා මිස් ලතිනා ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගයි.එහිදී මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් 18-30 වයස් කාණ්ඩයටත් එහි ක්ලැසික් (විවාහක) අංශය 31-45 වයස් කාණ්ඩයටත් විවෘත වූ අතර ශ්‍රීමාලි ජයගන්නා ලද්දේ එම කිරුළයි.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් එෆ් එම් නාලිකාවකට අදහස් දක්වා ඇති ශ්‍රීමාලි මෙසේ පවසා තිබේ.

‘මේ පැජන්ට් එකට මම සහභාගී වුනේ රටවල් 30 ක නියෝජනයෙන්.මේ තරගයට මාව යෝජනා කරලා මාව තෝරා පත් කරගත්තේ ඇමරිකාවේ ඉන්න තරගාවලියේ ඉන්ටර්නැෂනල් ඩිරෙක්ටර් චිත්‍රාල් ද මෙල් මහත්මයා. ඔහුගේ ආරාධනය මම මුලින්ම භාරගන්නත් බය හිතුණා. නමුත් මම තීරණය කළා කොහොමහරි සහභාගී වෙලා අපේ රට වෙනුවෙන් මේ කිරුළ හිසේ පළඳවගන්නව කියලා.
තරගාවලියෙදි බිකිනි අඳින්න තිබුණා.අපේ රටේ බිකිනිය ඇන්දොත් වැරදි ඇහැකින් බලන්නේ. නමුත් මට ඒ දේ නොකර ඉන්න බැරිවුණා. එතැනදි මම තමයි කැපිල පෙනුනේ. මගේ සිහින් සිරුර හා ප්‍රශ්න අහන වටයේදී මං දුන්න උත්තරය තමයි ජයග්‍රහණයට හේතුවක් වුනේ‘
 

Picture collection HERE

http://www.gallery.gossiplankanews.com/event/ms-international-world-2018.html