පසුගිය කාලය තුළ තමා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් තිරසාර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලා තිබේ.


 ඊයේ (09) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඇමැතිවරයා ඒ බව ජනාධිපතිවරයා වෙත පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරාල හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්ම මහත්මින් ද මෙම අවස්ථාවේ දී එම ස්ථානයේ රැඳී සිටි බව වාර්තා වෙයි.  කෙසේ වෙතත් තමා විසින් බොහෝ විවේචන සිදු කෙරූ බවත් ඉදිරියේ දී එවැනි සිදුවීමක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත. මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ද ඇමැති සරත් ෆොන්සේකා මහතා විවිධ අවස්ථාවන්ගි දී මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියේය.