අද 31 උදෑසන රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය  තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලනයෙන් මුදවා ගැනීම ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
රංජන් රාමනායක

සහ නවීන් දිසානායක ඇමතිවරුන් පෙන්වාදී ඇත්තේ හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වූ බවත් ක්‍රිකට් පරිපාලනයට ව්‍යාපාරිකයන් සහ බුකිකරුවන් වෙනුවට එයට ළැදි මුදල් බල අරමුණු නැති ක්‍රිකට් වලට ආදරය කරන පුද්ගලයින් වෙත පත් කළ යුතු බවත්ය.
එහිදී එවැනි අය ලෙස කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි නම් යෝජනාවී තිබේ. මෙම අදහසට අගමැති රනිල්ද එකඟවී ඇති අතර සඳුදා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ යෝජනාව යොමු කර කැබිනට් මණ්ඩලය මගින් අවශ්‍ය වෙනස්කම් සිදු කරගැනීමට හැකි බවද දන්වා ඇත.