පසුගියදා සිදුවූ ඇමති මාරුවෙන් පසු කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ගිය රාජගිරියේ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැගිල්ල නැවත පරණ ස්ථානයට ගෙනයන බවට නව ඇමති මහින්ද
අමරවීර පොරොන්දු විය.

කෝටි ගණනක් නාස්ති කරමින් හිටපු ඇමති දුමින්ද දිසානායක එය අවභාවිතාවේ යෙදවූ බවට පැවති විවේචන නිසා මෙම පියවර ගෙන තිබුනි. කෙසේ වෙතත් දැන් වාර්තා වන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය මින් පෙර පවත්වාගෙන ගිය බත්තර මුල්ලේ ගොවිජන මන්දිරයට යළි යාමට නම් එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවශ්‍ය බවත් ඒ සඳහා රුපියල් කෝටි 10 ක් අවශ්‍ය බවත්ය.
දැනට පවත්වා යන ගොඩනැගිල්ලට මසකට කෝටි දෙකහමාරක් කුලී ගෙවන අතර ලබන 2019 මාර්තු මාසයෙන් පසු එම කොන්ත්‍රාත්තුව අවසන්වූ පසු අලුත් තැනකට යාමට හැකියාව ලැබෙනු ඇත.
දැනටමත්  බත්තර මුල්ලේ ගොවිජන මන්දිරය නාවික හමුදාවේද සහාය ඇතිව අලුත්වැඩියා අරඹා ඇති අතර ඒ සඳහා කෝටි 10 රජය වෙන් කර ඇති බව අමාත්‍යංශ ආරංචි හෙලි කරයි.