පසුගිය සතියේ බ්‍රිතාන්‍ය රජ පවුලට උපත ලද අලුත්ම සාමාජිකයාට Louis Arthur Charles යන නාමය
යොදා ඇති අතර

ඒ නම සඳහන් උප්පැන්නයද මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කර තිබේ.
මෙම නමේ Louis යන්න ලුවිස් ලෙස නොව ලුවී ලෙස උච්චාරණය කරන්නැයි කේට් කුමරිය මාධ්‍ය වෙත පවසා ඇති ආරංචියක්ද වාර්තාවේ. (pronounced Loo-ee)
 අලුත උපන් දරුවාගේ අයියගේ තාත්තාගේ සීයගේ නම් එකතුකර මෙම නම සකසා තිබීම විශේෂිතය.

කේට් හා විළියම් යුවළගේ වැඩිමල් පිරිමි දරුවා වූ ජොර්ජ්ගේ නමේ කොටසකද ලුවී යන්න තිබෙයි. (George Alexander Louis)
අලුත උපන් දරුවාගේ පියා විළියම්ගේ නමේ කොටසක ආතර් යන්නත් දරුවාගේ සීයා වන චාල්ස්ගේ නමත් සිඟිත්තාගේ නමේ කොටසක ඇත.