දෙහිවල, ගල්කිස්ස මහනගර සභා බල සීමාවේ පිහිටි අප ජලය පිරිපහදු කර මුහුදට මුදා හැරීමේ හෙවත් "සුවරේජ්" ව්‍යාපෘතියට අයත් නළ හිරවීම නිසා රත්මලාන පොම්පාගාරයෙන් අධික දුඟදක් පෑතිර යන බවට
ප්‍රදේශවාසීහු චෝදනා කරති.

රත්මලාන හතරේ ගේට්ටුව අවට ප්‍රදේශවාසීන් මේ නිසා බරපතල සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී තිබෙන බව ද දවසේ පැය විසිහතර පුරාම විටින් විට අධික දුගඳක් හමන බව ද ඔවුහු සඳහන් කරති. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් පරීක්‍ෂාක ඒකකයට වැල්ලවත්ත සුවරේජ් ව්‍යාපෘති කාර්යාලයට හා ජාතික ජලසමිපාදන හා ජලාපවහන මණ්ඩලයට දැනුම් දුන්න ද වගකිවයුත්තන් නිහඩ පිළවෙනත් අනුගමනය කරමින් සිටින බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.
රුපියල් මිලියන 95ක මුදලක් වැයකර 2014 වසරේදි එම ව්‍යාපෘතීය ක්‍රියාත්මක කළ අතර ශ්‍රී ලංකා රජය සහ ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සිය ඊට අරමුදල් සපයා තිබේ.