ඇමරිකානු ජනපති බිරිය මෙලානියා ට්‍රම්ප් අද (7 සඳුදා) ධවල මන්දිරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ලෝකයේ අනාගත දරුපරපුර රැකගැනීමට තමා පෙරමුණ ගන්නා බවයි. ඒ අනුව
මූලික වශයෙන්ම මේ වනවිට ලෝකයටම කරදරයක් බවට පත්ව තිබෙන අන්තර්ජාල ‘බයිට්‘කිරීම් (cyberbullying) නතර කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.
තමා ට්‍රම්ප් ජනපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙද්දී තමාවද මෙම හිංසනයේ ගොදුරක් වූ හැටි ඇය මෙනෙහි කළාය.
ඇයගේ ප්‍රකාශිකා ස්ටෙෆානි ග්රිෂම් පවසන පරිදි, දරුවන්ගේ සුභසිද්ධිය

කෙරෙහි මෙලානියාගේ අදහස් ට්‍රම්ප් ජනපතිගේ ඉදිරි කටයුතු වලට අදාළ න්‍යාය පත්‍රයට යොමු කර අවධානය යොමු කරනු ඇත.
සමහර අය විවේචනය කිරීමට හෝ සමච්චලයට ලක් කිරීම මෙම අපරාධ කරුවන්ගේ ස්වභාවය බවත් ඇතැම් අවස්ථාවලදී කාන්තාවන් දරුවන් වැනි ශාරීරිකව ශක්තිය අවම අයගේ පෙනුම ඉලක්ක කරගනිමින් මෙම හිරිහැර සිදුවන බවත් මේ නිසා ඔවුන් අසරණවීමේ අවදානම වැඩි බවත් ඇය කියා සිටියාය.

මාර්තු මාසයේදී තාක්ෂණික සමාගම් නායකයින් සමඟ පැවති රැස්වීමකදීත් මේ ගැන තමා කරුණු පෙන්වූ නමුත් ඒවා වැළැක්වීමට පියවරක් නොගත් බවත් කියන ඇය "මම ඊළඟ පරම්පරාවේ දරුවන්ට උපකාර කිරීම සඳහා එකම අරමුණකින් වැඩ කරනවා." ලෙස කියා ඇත.

මින් ඉහත බරක් ඔබාමා පාලන සමයේ මිෂෙල් ඔබාමා "Let's Move" නමැති වැඩසටහනක් අරඹමින් ලෝරා බුෂ්ගේ ළමා කාලයේ දේවල් පෙන්වමින් සාක්ෂරතාවය සඳහා වූ වැඩසටහනක් දියත් කළ අතර මෙලානියාගේ මේ වෑයම මිෂෙල්ව අනුකරණය කිරීමක් බව සීඑන්එන් වාර්තා කර තිබේ.