මැදිවියේ පුද්ගලයකු එම ප්‍රදේශයේම 37 හැවිරිදි දෙදරු මවකට අයුතු යෝජනාවක් කර ශරිරය ස්පර්ශ කළ බවට කළ පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ 20 හැවිරිදි පුතා පැමිණිල්ල කළ කාන්තාවට පිහියෙන් ඇන තුවාල සිදුකොට ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.
පිහි පහර කෑ කාන්තාව

බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් ආරම්භ කළ පොලිසියට අඩංගුවේ සිටින පුද්ගලයාගෙන් සහ වෙනත් සාක්ෂිවලින් සිද්ධියට අදාළ තොරතුරු කීපයක් අනාරණය කරගැනීමට හැකිවූ බවත් මෙම පිහිඇනුම සිඳුකළ පුද්ගලයා ලියා තබා ඇති ලිපියක්ද තමන් අතට ලැබී ඇති බවත් පොලීසිය පටියයි.
මෙම පිහිපහර කෑ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදෙස්ගතව ඇති අතර පිහි ඇනුම සිදුකළ පුද්ගලයා සහ එම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.
එම සම්බන්ධතා නැවැත්වීම පිණීය අවාද කිරීමට මෙම තරුණයාගේ පියා එම නිවසට ගිය අවස්ථාවේ එයට උරණ වූ කාන්තාව මෙම පැමිණිල්ල කර ඇති බවට පොලීසිය සැක කරයි. කාන්තාවගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියෙන් අනතුරුව ලිපියක් ලියා තබමින් පිහිඇනුම සිදුකළ තරුණයා සෙවීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.