දිප්පිටිය නගරයේ පැවැති සිංහල අලුත් අවුරුදු උත්සවයේ සංගීත සංදර්ශන නැරඹීමට පැමිණ ඒ ආසනයේ
නවතා තිබුණු සිය

පැරණි පෙමිවතියගේ පියාට අයත් වාහනයක ඉන්ධන ටැංකියට හානි කර කුණු රොඩු දැමූ බව කියන පැරණි පෙමිවතා සහ ඔහුගේ සගයෝ හය දෙනක් අරණායක පොලිසිය මගින් සැකපිට (29) අත්අඩංගුවට ගනු ලැබූහ.
අදාළ තරුණයාගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳව පෙළවතියගේ පියා දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර කලකට පෙර ඔහුට අයත් ත්‍රිරෝද රථයකට ද පහර දිමේ සිද්ධියක් මුල්කරගෙන පෙම්වතියගේ පියාට අයත් වාහනයට මෙලෙස අලාභ හානි සිදුකර ඇති බවද සඳහන්ය.
පොලිස් අත්අඩංගුවට පත් සැකකාර තරුණයන් පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඔවුන් ලබන මස 8 වැනි දින මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.